‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා රැඳවියක් මරුට : CPRP කමිටුවෙන් පොලිසියට පැමිණිලි

වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය. එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර…

Read More
sdsdsdsdsdsdsdsdsd

අප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය.

පසුගිය 21 වෙනි දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැදවන්නේ වැලිකඩ බන්දනාගාර පරිශ්‍රය තුල කාන්තා සිරකාරිනියන් 50 කට පමන අමානුශික ලෙස පහර දීමට එරෙහිවය. එම මාධ්‍ය සාකච්චාවේ විශේශත්වය එකී පහරදීම් ඇසින් දුටු කාන්තා රැදවියකු එදින ඇප මත නිදස්වී මාධ්‍ය සාකච්චාවේ කරුනු දැක්වීමට සහභාගි වීමය. ඇප මත මුදාහැර තිබු එම කාන්තා රැඳවියා වැලිකඩ කාන්තා සිර මැදිරි තුල ගෙවන දුෂ්කර තත්වයන් හා බන්ආදනාගාර තුල ඇති ආහාර, සනීපාරක්ශක පහසුකම්, නීති ගැටලු, ආදිය සවිස්තාරාත්මකව ඉදිරිපත් කරන ලදි. අදිකරණ හා බන්දනාගාර ඇමතිනිය සිරකරුවන්ටම ඇගිල්ල දිගුකරමින් සිරකාරිනියන්ගේ  අතපය කඩා ඔලු පලා  පීඩනය එල්ලකරණ මොහොතක එම…

Read More

වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන්  විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා…

Read More
sdsdsdsdsdsdsdsdsd

‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…

Read More

වැලිකඩ බන්දනාගාර කාන්තා රැඳවි හිංසනයට එරෙහිව (CPRP) කමිටුව එක්සත් ජාතින් හමුවට

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැදවියන් බනදනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම, ඇතුලු අදිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්දනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයේත් අවධානය යොමු නොකිරීම සම්බන්දයෙන් විරෝදය පලකිරීමටත්, බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිශන් කාර්යාලයට ඉහත කරුණු ඇතුලත් වාර්තාවක් භාරදීමටත් සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුව කටයුතු සූදානම් කර ඇත. පසු ගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්දනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඊට ඇතුලත්ය. කාන්තා සිරකරුවන් හිංසනයට එරෙහිව හඬ නැගීමට අගෝස්තු 14 හවස 1…

Read More
sdsdsdsdsdsdsdsdsd

‘වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ විරෝධතාවට’ තලතා අතුකෝරළගෙන් පිළිතුරක්

කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටින බවට වාර්තා වේ. අද (13) උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැදවියන් 25 දෙනෙකු වහලය මත නැග මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බවයි ‘අකුණ’ වාර්තාකරු පවසන්නේ. තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් විරෝධතාවයේ නිරතව සිටියි. එහෙත්,අද (13) පෙරවරුවේ නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ පැවසුවේ කුමන විරෝධතාවයක් දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බවයි. “වහලය උඩ නොවෙයි කොහේ…

Read More

‘වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27ක් ඝාතනය කිරීමේ සිද්ධියේ’ එමිල් – නියෝමාල් සැකකරුවන් යලි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 07 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් ඊයේ 31 නියෝග කර තිබේ. ‘අකුණ’ වාර්තාකරු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු දක්වා ඇත්තේ ඝාතන සිද්ධියට අදාලව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවත් රස පරීක්ෂක වාර්තා නොලැබී ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සතුව තිබූ බව කියන මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ…

Read More

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවයි

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කර තිබේ. එය සිදුකර තිබෙන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මතය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ අමාත්‍යාංශය නිවෙිදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමේ තීරණයට එළඹි බවයි.

Read More