“ගින්නෙන් උපන් සීතල“ පැසිෆික් සිනමා සම්මාන උළෙලට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරින් ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) සිනමා පටය 12වන ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබේ. මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 29වැනිදා පැවත්වීමට නියමිතය. කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.ඊට අමතරව ලාංකීය කලාකරුවන් ‍රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ. ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත…

Read More