“තුන්දෙනෙක්” චිත්‍රපටය ඉදිරි කාලයේදී රට පුරා ප්‍රදර්ශනය කෙරේ

රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ප්‍රසන්න විතානගේ, අසෝක හඳගම හා විමුක්ති ජයසුන්දරගේ නවතම සිනමා නිර්මාණය වන “තුන්දෙනෙක්” චිත්‍රපටයහි විශේෂ දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්විය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින්ය. වසර ගණනාවක් තිස්සේ අපි යුද්ධයට ඔබ්බෙන් ගොස් යුද්ධයේ බලපෑම ගැනත් තවමත් පවතින විසඳුම් සොයනා ගැටලු ගැනත් චිත්‍රපටයක් කරන්න අපි කාලයක් තිස්සේ හිතා ගෙන හිටියා. ඉතින් මේ චිත්‍රපටය තුළින් සිනමා රසාස්වාදය මෙන්ම ඒ ගැඹුරු කරුණු ගැන සමාජ සංවාදයක් ඇති කිරීමත් අපේ අරමුණක් බව පැවසු අසෝක හඳගම වැඩිදුරටත් කියා සිටියේ චිත්‍රපටයහි මංගල දර්ශනය සඳහා ශුභවාදී…

Read More
sdsdsdsdsdsdsdsdsd

හිමිවීම, අහිමිවීම, සමාව දීම වගේම මනුෂ්‍යත්වය ගැන වූ අපූරු පාඩමක්. (The Light Between Oceans)

‘‘මුහුද, මුහුද නොවන කාලයක් තියෙනවා. ඒ නිල් පැහැය, වතුර එලෙසින්ම නොපැවතුණත් ශක්තිය වගේම භයානකත්වය පුපුරා ගිය එක් මොහොතක් උදාවෙනවා. දෙවියන්ටම පමණක් අඬ ගසන්නට හැකි රෞද්‍ර මොහොතක් එළඹෙනවා. රළ එකිනෙක මත වැටෙමින්, පොර බදිමින් මුහුද, තමන්වම වගේම දූපතත් රිදවන්නට පටන් ගන්නවා. තමන්ගේ සීමාව ගැන නොදන්න මෘගයෙක් ගොරවනවා වගේ සද්දයක් එවැනි මොහොතකදී මුහුදෙන් නැගෙන්න ගන්නවා. මේ වගේ රැයකදී ආලෝකයක් නැතුවම බැහැ‘‘  M. L. Stedman – The Light Between Oceans මුහුද අද්දර ගෙවෙන ජීවිතත් මුහුද වගේ. මේ ජීවිත වලට කොයි මොහොතකදී කුණාටුවක් එළඹේදැයි කියන්නට බැහැ. කුණාටුවකදී නොසන්සුන් වුණු ජීවිත, කුණාටුවෙන් පස්සේ නොයෙක් වියවුල්…

Read More