පුතේ උඹ කොහේද…?

කාලයකින් නොපීරූ කොණ්ඩය ගොමස්කඩව වැරහැලී සාරිය පිංතූරය දෑතින් ඔසවා උඹව සෙවු කාලය ගෙවී නොයයි තවම මගේ ආත්මය අම්මා නෙත වැගිරෙන කඳුළු ‍රැල්ල ගෙන දෙයිද ඔහුනට සැනසිල්ල සිත තුළම ගසයි පුතූ සොයන කැ‍රැල්ල කඳුළු වලට බිය වී වට කරයි ආරක්ෂක වළල්ල පාරවයි යළි යළි උඹ ගැන මතක පහුරු ඉකි ගස ගසා හඬ විලාප දෙයි අම්මාවරු පුතූ ගැන නොකියමින් මුන් ගසයි හදවත් පතුරු ‘පුතේ උඹ කොහේද?’ අසයි ළය මඩල ශෝකයෙන් පිරුණු   | ලහිරු මධුසංඛ ලියනආරච්චි

Read More