උතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය ඇමති පොරොන්දු වෙයි

උතුරේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා බිලියන ගණනාවක මුදලක් වාර්ෂිකව වැය කරන බවත්,දේශපාලනඥයන් වශයෙන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදී උතුරු පළාතේ ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 530 ක ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහල් භුමියේ ඉදිකරන පුනරුත්ථාපන රෝහල සදහා මුල්ගල තැබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම උත්සව අවස්ථාවන්ට 16වනදා එක්වෙමින් ය. “යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුරප්පාඩු 73 ක් ඇති බව මට දැන් දැනුම් දුන්නා. කඩිනමින්…

Read More

‘වසර 10 කට පසු යුක්තිය ඉ‍ටුවේ’ යුද හමුදා මේජර්ට – සැරයන්ට මරණ දඬුවම

යාපනය තිරිනල්වේලි ප්‍රදේශයේදි පුද්ගලයෙකු රැගෙන ගොස් ඝාතනය කළ 51වැනි සේනාංකයට අයත් 512 බල සේනාවේ සේවයේ නියුතු යුධ හමුදා මේජර් වරයෙකුට හා සැරයන්වරයෙකුට ඊයේ (08) මරණ දඩුවම නියම කළ අතර චෝදනා ලැබ සිටි කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කළේය. ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ගේ නියෝග මත මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජ මන්ත්‍රී හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා නැමැති අයට වන අතර නිදොස් කොට නිදහස් කෙරුණේ කර්නල් රොනී බර්තලොව්පස් නැමැති අයයි. ඔහුන් විසින් ඝාතනයට ලක්කොට ඇත්තේ යාපනය, වට්ටවාන් පාරේ අංක 53/3 හි පදිංචි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් යන තැනැත්තා වන අතර ඔහුව…

Read More

‘යාපනය බලකො‍ටුවට’ ශ්‍රී ලංකා යුධ හමුදාව ‘උරුමකම්’ කියයි

යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. පැරණි යාපනය බලකොටුව ඇතුලේ යුද හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුමක් ඇති නිසා එහි කදවුරු ගසාගෙන ඉන්නා හමුදාවට වීරෝධය දක්වමින් පසුගියදා යාපනයේ දේශපාලකයන් විසින් විරෝධතාවක් කළ බව යාපනයේ සිටින ‘අකුණ’ වාර්තාකරු පැවසීය. එහිදී විරෝධතා දැක්වු දේශපාලකයන් විසින් කියා සිටියේ යාපනය බලකො‍ටුව දෙමළ භුමියේ පිහිටි පුරාවස්තුවක් නිසා රජය විසින් එය විනාශවන්නට අත්හැර ඇති බවයි.  යුද හමුදාවට යාපන කො‍ටුවෙන් පිටවීමට කිසිම හේතුවක් නැති බවත්, ‘බලකොටුවක් කිව්වාම ඒකෙ සරල තේරුම බලකොටුව උරුම හමුදාවට, වෙන කාටවත් නෙවෙයි’…

Read More