තම අනන්‍යතාවය ලොවට වසන් කරන “ගරිල්ලා” චිත්‍ර ශිල්පියා

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක් වන අයෙකුගේ අන්වර්ථ නාමයකි. ඔහුගේ ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම් වල ප්‍රදර්ශනය කෙරී ඇත. බැන්ක්සි ගොඩනැගුනේ 90 දශකයේ මුල් භාගයේ Bristol underground scene නම් සංගීතඥයන් සහ වීදි කලාකරුවන්ගේ දායකත්වයෙන් බිහිවූ සංස්කෘතිය හරහාය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක් වන ට්‍රිස්ටන් මැන්කෝට අනුව, 1974 බ්‍රිස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි. මස්කඩකරුවකු වීමට පුහුණුව ලැබූ ඔහු පසුව ග්‍රැෆිටි කලාවන්ට යොමු විය.…

Read More