මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ‘මරණ දඬුවම’ දීමට ජනපති නැවත තීන්දු කරයි

‘රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන්’ සිරගතව සිටියදීත් බරපතළ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවන අයට මරණීය දණ්ඩනය ලබාදීදීම ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන පවසයි. විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක දී පවසා තිබුණද එය නැවතත් සපථ කිරීමේ අභිප්‍රායෙන් නැවත වරක් එය දැඩිව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් ඛෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින්ය. මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යානූකූල වාර්තා ලබන සතියේ තමන්ට ලැබෙන බවට ජනාධිපතිවරයා විශ්වාසය පල…

Read More

‘වසර 10 කට පසු යුක්තිය ඉ‍ටුවේ’ යුද හමුදා මේජර්ට – සැරයන්ට මරණ දඬුවම

යාපනය තිරිනල්වේලි ප්‍රදේශයේදි පුද්ගලයෙකු රැගෙන ගොස් ඝාතනය කළ 51වැනි සේනාංකයට අයත් 512 බල සේනාවේ සේවයේ නියුතු යුධ හමුදා මේජර් වරයෙකුට හා සැරයන්වරයෙකුට ඊයේ (08) මරණ දඩුවම නියම කළ අතර චෝදනා ලැබ සිටි කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කළේය. ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ගේ නියෝග මත මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජ මන්ත්‍රී හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා නැමැති අයට වන අතර නිදොස් කොට නිදහස් කෙරුණේ කර්නල් රොනී බර්තලොව්පස් නැමැති අයයි. ඔහුන් විසින් ඝාතනයට ලක්කොට ඇත්තේ යාපනය, වට්ටවාන් පාරේ අංක 53/3 හි පදිංචි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් යන තැනැත්තා වන අතර ඔහුව…

Read More

දකුණේ දේශපාලකයන්ගේ සහායෙන් උතුරට මත්ද්‍රව්‍ය එන බවට චෝදනා

දකුණේ දේශපාලකයන්ගේ විශාල සහායක් ඇතිව උතුරට මත්ද්‍රව්‍ය ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් පවසයි. ඇය චෝදනා කර සිටියේ උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කලේ මුහුදු මාර්ගයෙන් ද උතුරු පළාතට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම පසුපස සිටින්නේ දකුණේ දේශපාලානඥයන් හා ව්‍යාපාරිකයන් බවත්,අතීතයේදී උතුරේ වැසියෝ පුරුදු පුහුණු වී සිටියේ ඖෂධීය පානයන් කිරීමටත් එහෙත් දැන් දකුණේ පිරිස් විසින් උතුරේ ජනතාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කළේද යන්න චෝදනා කලේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව උතුර-දකුණ විවෘත වීමෙන් මෙලෙස…

Read More

‘යාපනය බලකො‍ටුවට’ ශ්‍රී ලංකා යුධ හමුදාව ‘උරුමකම්’ කියයි

යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. පැරණි යාපනය බලකොටුව ඇතුලේ යුද හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුමක් ඇති නිසා එහි කදවුරු ගසාගෙන ඉන්නා හමුදාවට වීරෝධය දක්වමින් පසුගියදා යාපනයේ දේශපාලකයන් විසින් විරෝධතාවක් කළ බව යාපනයේ සිටින ‘අකුණ’ වාර්තාකරු පැවසීය. එහිදී විරෝධතා දැක්වු දේශපාලකයන් විසින් කියා සිටියේ යාපනය බලකො‍ටුව දෙමළ භුමියේ පිහිටි පුරාවස්තුවක් නිසා රජය විසින් එය විනාශවන්නට අත්හැර ඇති බවයි.  යුද හමුදාවට යාපන කො‍ටුවෙන් පිටවීමට කිසිම හේතුවක් නැති බවත්, ‘බලකොටුවක් කිව්වාම ඒකෙ සරල තේරුම බලකොටුව උරුම හමුදාවට, වෙන කාටවත් නෙවෙයි’…

Read More