මැගසින් බන්ධනාගාරයට ගිනි අවියක් ගෙන යාම සම්බන්ධයෙන් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා 2020-01-02 වන දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බොරැල්ල පොලිසියට කැඳවා තිබුනු අතර, එකී සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට නැති බව සඳහන් කරමින් එහිදී ඔහු ප්රකාශයක් ලබා දී ඇත. (ඨකෂඊ 273රැ14). ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු අඩපණ කිරීම මෙයට හේතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් දන්වා සිටී.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති බොරැල්ල පොලිසියට කැඳවයි
