වැලිකඩ කාන්තා රැඳවියන්ට කල පහරදීමට එරෙහිව කාන්තා සංවිධානයක් පෙරට

වැලිකඩ බන්දනාගාරයේ පසුගිය දින වල කාන්තා රැඳවියන්ට කල මේලේච්ච පහර දීමට එරෙහිව අද දින කාන්තා සංවිධානයක් වන විමුක්ති ව්‍යාපාරය ඇතුලු ප්‍රගතිශීලීන් වැලිකඩ බන්දනාගාරය ඉදිරිපිටට පැමිණ විරෝධය දක්වා තිබේ.

එහිදී වැලිකඩ කාන්තා රැඳවියන් මුහුන දෙන දුෂ්කරතා සම්බන්දයෙන් අවධානයට ලක් නොකිරීම ඇතුලු  පසු ගිය දිනවල කාන්තා රැඳවියනට කල පහර දීමට එරෙහිව බන්දනාගාර ඇමතිනිය සහ පරිපාලනය දැඩි අප්‍රසාදයට හා පිලිකුලට ලක්කරමින් උද්ගෝශකයන් විරෝධයේ නිරත විය. වැලිකඩ සිරකරු මලමීනී මතින් බලයට පැමිණි යහ පාලන ආන්ඩුව සිරකරුවන් සම්බන්දයෙන්  දරන ආකල්පය මෙවැනි ම්ලේච්ච ආකාරයක් නම් සිරකරු පුනරුත්තාපනය යනු කුමක්දැයි යහපාලන රජය වහා පිලිතුරු දියයුතු බව විරෝධතා කරුවන් විසින් ප්‍රශ්න මතු කරනු ලැබූ අතර කාන්තා රැඳවියන්ට කල අමානුෂික පහර දීම සම්බන්දයෙන් කඩිනම් සාධාරණ පරීක්ෂණයක් ක්‍රීයත්මක කල යුතු බව රජයට අවධාරණය කලහ.  

|අකුණ|    

Share this

Related posts