‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා රැඳවියක් මරුට : CPRP කමිටුවෙන් පොලිසියට පැමිණිලි

වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය.

එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දී තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ එම සිද්ධිය අතරතුරදී තුවාල ලැබූ බවට සැකකරන කාන්තා රැදවියක් ඊයේ දිනයේදී බන්ධනාගාරය තුලදී මියගොස් ඇති බවයි.

‘අකුණ’ අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුලදෙණිය විමසු විට ඔහු පැවසුවේ රැඳවියක් ජීවිතක්ෂයට පත්වීම සහ පසුගියදා බන්ධනාගාරය තුල ඇතිවූ නොසන්සුන්කාරි වාතාවරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත් විරෝධතාවයට එක්වු රැඳවියන් කිහිප දෙනෙකු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළගේ අණින් වෙනත් බන්ධානාගර වලට පසුගියදා යොමු කරලීය.

ඇමතිනි තලතා අතුකෝරළගේ අණින් වෙනත් බන්ධානාගර වලට යැවු හැටි

වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය.එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දී තිබේ.සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ එම සිද්ධිය අතරතුරදී තුවාල ලැබූ බවට සැකකරන කාන්තා රැදවියක් ඊයේ දිනයේදී බන්ධනාගාරය තුලදී මියගොස් ඇති බවයි.‘අකුණ’ අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුලදෙණිය විමසු විට ඔහු පැවසුවේ රැඳවියක් ජීවිතක්ෂයට පත්වීම සහ පසුගියදා බන්ධනාගාරය තුල ඇතිවූ නොසන්සුන්කාරි වාතාවරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.කෙසේ වෙතත් විරෝධතාවයට එක්වු රැඳවියන් කිහිප දෙනෙකු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළගේ අණින් වෙනත් බන්ධානාගර වලට පසුගියදා යොමු කරලීය.

Posted by AKUNA News on Saturday, August 25, 2018

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් භාරදුන් අතර එයට පසුගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්ධනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඇතුළත්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නැවත නැවත සපථ කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පවසන අතර ඊට සහාය පලකරන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ කාන්තා රැඳවියන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පවසා සිටියේ “වහලේ උඩ නෙවෙයි කොහේ නැගගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ,” යනුවෙනි.

සිරකාර අයිතිවාසිකම් සුරැකීමේ කමි‍ටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ‘අකුණ’ සමග කියා සිටියේ ඇමැති පදවි දරන කාන්තාවක් රැඳවි කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය සම්බන්ධයෙන් කනගාටුව පල කරන බවත්,සිරකාර අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලංකාවද අත්සන් කර ඇති ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව රැඳවියන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය බැඳී සිටින බවයි.

පසුගිය රාජපක්ෂ සමයේ වවුනියා හා වැලිකඩ යන බන්ධනාගාර තුල ඝාතන වලට සම්බන්ධ නිලධාරීහු දඬුවම් නොලබා තවමත් රාජකාරියේ නිරතව සිටින බවට එම කමි‍ටුවේ ප්‍රධාන ලේකම් ලේකම් සුදේශ් නන්දිමාල් චෝදනා කරති.

 

Share this

Related posts