මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි : කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය | VIDEO

බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම භාරදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් විදේශීකයන් මෙලෙස නිදහස් කර එම ‘මරණයට නියමවු’ නාම ලේඛනයෙහි ඊළගට සිටින්නේ ලාංකිකයන් වන අතර එයින් ඉහළින්ම සිටින්නේ කාන්තාවන් බවත් හෙළිකරන ජනාධිපතිවරයා පැවසුවේ ඔහුන් සියලු දෙනා එල්ලා මරා දැමීමට පියවර ගන්නා බවයි.

“කාගේ හෝ අතේ මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණොත් මත්ද්‍රව්‍යවල අයිතිකාරයෙක් කියලා දැන ගත්තොත් අපි ඒ පිළිබඳව නීතියෙන් සහනයක් දෙන්නේ නැහැ,” යි ජනාධිපති පැවසුවේය.

කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය

බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය.එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම භාරදීමට කටයුතු කරන බවයි.කෙසේ වෙතත් විදේශීකයන් මෙලෙස නිදහස් කර එම ‘මරණයට නියමවු’ නාම ලේඛනයෙහි ඊළගට සිටින්නේ ලාංකිකයන් වන අතර එයින් ඉහළින්ම සිටින්නේ කාන්තාවන් බවත් හෙළිකරන ජනාධිපතිවරයා පැවසුවේ ඔහුන් සියලු දෙනා එල්ලා මරා දැමීමට පියවර ගන්නා බවයි.

Posted by AKUNA News on Saturday, August 25, 2018

1974 සිට වසර 34ක් තිස්සේ මරණ දඬුවම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශේෂ පැසසුමට ලක් වු අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකාව 2016 වසරේ දී ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වීරෝධය පල කළේය.

මීට පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍යවලට එරෙහිව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ද ‘දැවැන්ත සංග‍්‍රාමයක්’ ශ‍්‍රී ලංකා ‘ති‍්‍රවිධ හමුදාවේ’ සහය ඇතිව ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ‘මරණ දඬුවම’ දීමට ජනපති නැවත තීන්දු කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින වරදකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශ ප්‍රධාන පෝල් ගොඩ්ෆ්‍රි අදහස් පල කර තිබේ.

මල්වතු හා අස්ගිරි බෞද්ධ නායකයන් සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ද ජනාධිපති විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යන යෝජනාවට කැමැත්ත පල කර තිබුණද මරණීය දණ්ඩනය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසඳය පැවසුවේ.

යුරෝපා සංගමය ඇතුළු ප්‍රංශය, ජර්මනිය,නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය, රුමේනියාව සහ කැනඩාව මරණ දණ්ඩනයට විරෝධය පල කරමින් ජනාධිපතිවරයාට ලිපි ලියා ඇත.

මේ සම්බන්ධව විද්වතුන්, මානව හිමිකම් කි‍්‍රයාධරයන් ඇතුලූ බොහෝ දෙනා තම අප‍්‍රසාදය පලකර තිබේ.

Share this

Related posts