අප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය.

පසුගිය 21 වෙනි දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැදවන්නේ වැලිකඩ බන්දනාගාර පරිශ්‍රය තුල කාන්තා සිරකාරිනියන් 50 කට පමන අමානුශික ලෙස පහර දීමට එරෙහිවය. එම මාධ්‍ය සාකච්චාවේ විශේශත්වය එකී පහරදීම් ඇසින් දුටු කාන්තා රැදවියකු එදින ඇප මත නිදස්වී මාධ්‍ය සාකච්චාවේ කරුනු දැක්වීමට සහභාගි වීමය. ඇප මත මුදාහැර තිබු එම කාන්තා රැඳවියා වැලිකඩ කාන්තා සිර මැදිරි තුල ගෙවන දුෂ්කර තත්වයන් හා බන්ආදනාගාර තුල ඇති ආහාර, සනීපාරක්ශක පහසුකම්, නීති ගැටලු, ආදිය සවිස්තාරාත්මකව ඉදිරිපත් කරන ලදි. අදිකරණ හා බන්දනාගාර ඇමතිනිය සිරකරුවන්ටම ඇගිල්ල දිගුකරමින් සිරකාරිනියන්ගේ  අතපය කඩා ඔලු පලා  පීඩනය එල්ලකරණ මොහොතක එම රැඳවියා විසින් බන්දනාගාර තුල සත්‍ය තත්වය හෙලිකිරීමට ඉදිරියට ඒම මාධ්‍ය විසින් තරාතිරම නොබලා අගය කල යුතුය.    

එහෙත් එම කතාව අවසානයේ හිරු නියෝජනය කරමින් පැමිනි මාධ්‍ය කාරයෙකු සුපුරුදු කුණු රහට ඇප මත නිදහස් කාන්තාවගෙන් ප්‍රශ්න කරන්නේ මේ ආකාරයටය. ඔයා හිරේ ගියේ මොනව කරලද ? කී පාරක් ගිහින් තියෙද? ඇයි ඔයාල හිරේ නොගිහින් හිටියනම් ඔහොම ප්‍රශ්න වෙන්නේ නෑනේ වගේ තකතිරූ ප්‍රශ්නය. එම රැඳවියා මාධ්‍ය සාකච්චාවට සහභාගි වන්නේ බන්දනාගාරය තුල සිදුකෙරුනු පහර දීම හා එහි අභ්‍යන්තරයේ ඇති දුෂ්කරතා කියන්නට මිස ඇයගේ නඩුව සම්බන්දයෙන් රටට කියන්නට නොවය. හිරු මාධ්‍ය කාරයාට එවැනි මෝඩ ප්‍රශ්න තිබේනම් දුමින්ද සිල්වලා වැනි පන්සල් පල්ලි හදා හිරේ ඉන්න උන්ගෙන් එවැනි ප්‍රශ්න ඇසුවාට කම් නැත. හිරගෙවල් වල මිනිසුන්ට අමානුශික ලෙස පහර දෙන විට මාධ්‍ය ඇසිය යුතු ප්‍රශ්න හැට හුටාමාරක් තිබියදි ඔවුන් ඉස්සෙල්ලාම ලිහන්න ආස පුද්ගලික කුනුගොඩවල්ය. මාධ්‍ය කාරයා ඇයගෙන් ප්‍රශ්න කල ආකාරයේ  අදහස නම් තොපි හිර කාරයෝ නම් තොපිට මේ සමාජයේ ඉඩක් නෑ වැනි තත්වයකි.

ඉහත ප්‍රශ්න කිරීම අවස්තාවේ එම අවස්තාවට පැමින සිටි ලක්මාලී හේමචන්ද්‍ර සමාජ ක්‍රියාකාරිනිය එම මාධ්‍ය කාරයාගේ ප්‍රශ්න කිරීමේ විලාසයට එක හෙලා විරුද්ද වන්නේය. තැලි පොඩිවී සිටින මිනිසුන් පෙරල පෙරලා තලන මාධ්‍ය කාරයාට එම විරුද්දත්වය දැක්වීම ප්‍රමානවත් මදි බව මාගේ අදහසය. එම විරෝදයෙන් කිපුනු හිරු චන්ඩියා ඊලගට හැරෙන්නේ ලක්මාලි දෙසටය.(එම වීඩියෝව පහතින්) කවුද ඔයා? ඔයා සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුවෙ කවුද? ඔයා කාගේ කවුද ? කොහොමද ප්‍රශ්න අහන්න එපා කියන්නේ වගේ චන්ඩි පාර්ට් එක දැම්මා විතරක් නොව විඩියෝ කරපන් මෙයාව විඩියෝ කරපන් කියමින් ලක්මාලි දෙසට කැමරාව එල්ල කලහ.

මචන් මේක video කරපන් , කවුද මේ ?

මචන් මේක video කරපන් , කවුද මේ ?Like us : Breaking.lk

Posted by Breaking.lk on Tuesday, August 21, 2018

කාන්තා සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට තිබූ මාධ්‍ය සාකචාව තුලම මාධ්‍ය කාරයන් නැවත කන්තාවකට පාර්ට්දාන දැමිල්ල ඇගේ ලේ නහර වැඩකරන මිනිසෙකුට බලා සිටිය හැක්කේ එක්කො මුකුත් නොදැනීමය නැත්තම් ඉවසීමේ පිකාසෝලා විය යුතුය. අසාදාරනයට පත් කාන්තාවන් වෙනුවෙන් කතාකරන්නට නොපැකිලිව ඉදිරියට පැමිණි රැදවියාටත්  එම මාධ්‍ය සාකච්චාවට එන අනෙකුත් කාන්තාවන්ටත් පාර්ට් දමන මාධ්‍ය චන්ඩි ඉතිහාසයේ හැසිරුනු විදියද තවත් වසර දෙකකට පසුත් හැසිරීමට නියමිත විදිය අලුතෙන් ලිවිය යුතු නැත. එම මාධ්‍ය කාරයා ගෙදර ගැනී දරුවෝ ප්‍රශ්නයක් ඇසූ විටත් විඩියෝ කැමරා කරුවන්ට අඬගසා ගෙදර උන්ගේ රෙදි ලිහා දමන මට්ටමේ ස්වරූපයක් ඒ මොහොතේ එම සාකච්චාවට පැමින සිටි උදවියට සිතෙන්නට ඉඩක් තිබ්බද ඇත්තම තත්වය ගෙවල්වලදි ගෑනු ලග බඩ ගගා යන පිරිමි එලියේ හැසිරෙන්නේ ඔන්න ඔහොම බව එතන සිටි පිරිමින්‍ තේරුම් ගත යුතුව ඇත.

කේසේ වූවද හිරු තරු තියා කුමන මාධ්‍ය ආයතන නොයෝජිත පකීර්ලා වුවද ඇසිය යුතු ප්‍රශ්න පසෙක තබා කුණු රහට තකතීරු ප්‍රශ්න අසන්නේ නම් ඊට එරෙහිවිය යුතුය. මාධ්‍ය සදාචාරයේ නිදහස කියන කොටසට වල්බූරු නිදහස වගේ කැල්ලක් අව්ශ්‍ය නැත. මාධ්‍ය කාරුවන් යනු ඕන කුනු ගොඩක හිතුමතේ කිමිදීමේ වරම අතට ගත් වගකීම් විරහිත තත්වයක් ලෙස වරදවා වටහාගෙන ඇති උදවිය මහපොලවට බැස්සවීම කාගේත් වගකීමය. ලාංකීය මාධ්‍ය යනු බහුතරය නානාවිද ඇජෙන්ඩා වලට හෙන්චයි කම් කරන ආයතනය. ඒවායේ කටු කන ගෝල හාදයන්ට වලන් කඩේට පැනපු පිනාට මෙන් දගලන්නට නොදීමට බිය විය යුතු නැත. කොටින්ම අප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය. පසුගිය ඉතිහාසයේ මරා දැමුනු, පැහැරගැනුනු,අතුරු දහන් උනු, පහරදීම් වලට ලක්වුනු එක මාධ්‍ය වේදියෙකු වෙනුවෙන් කොන්දක් කෙලින් තියන් ප්‍රශ්නකරන්නට යුක්තිය සාදාරනය හොයන්නට ඉහත සදහන් පන්නයේ එක තක්කඩි මාධ්‍ය කාරයෙකුට කොන්දක් නැති බව දැන දැන උන් යුක්තිය වෙනුවෙන් පෙනිසිටින අනෙකාගේ කකුලෙන් අදින විට ඉතිහාසය මතක් කල දිය යුතුය. අහිමිව තිබූ මාධ්‍ය නිදහස ජනයා එකතුවී අත්පත් කර දුන් විට උන් මාධ්‍ය  වෘතිය ඉස්සරහට දමා උන්ගේ වෘතීය අභිමානය රැක දුන් මිනිසුන්ටත් මීඩියා චන්ඩිපාර්ට් දමා ගොනී නැතුව කරේ යන තෙක් ඉවසා වැදෑරිය යුතු නැත. එම මාධ්‍ය සාකච්චාවේ වගකීම දැරූ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද, එමෙන්ම ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියද මේ සිදුවීම සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස අකුණට ලැබෙන්නට සලස්වන්නේ නම්  අකුණ අප කෘතඥ වෙමු.

|අකුණ|

 

Share this

Related posts