වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන්  විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා යෙදවීම සදාරනය කිරීමක් විනා ඉන් එහා ඇති කටුක ජීවිත සම්බන්දයෙන් කිසිදු වගවිභාගයක් ඇති මාධ්‍ය සදාචාරයක් රූප පෙට්ටි වලින් කිසිදා අපට දැකිය නොහැක.

ඊයේ හවස දෙවනි වරටත් වහලයට ගොඩවුනු කාන්තා  රැඳවියන් 50 කට අදික පිරිසකට පහරදී ඔලු පලා අතපය කඩා දමා තිබෙන බවට තොරතුරු බන්දනාගාරයේ තාප්ප ඇතුලතින් ගලා එන්නට විය. ඒ මොහොතේ සිහියට නැගුනේ 2012|11| 09 දින වැලිකඩ සිරකරුවන් මරා දැමූ ආකාරයය. රටේ ජනයා එම ඝාතන සිදුවන මොහොතේ සිතා සිටියේ කැරලි ගැසූ සිරකරුවන් හා ආරක්ෂක  අතර ගැටුමක් බවයි. වසර ගනනකට පසු නිරපරාදේ සිරකරුවන් මරා දැමූ සත්‍ය කරලියට එන්නේ චන්ද ගුන්ඩුවක් ලෙස මිස සිරකරු ඝාතනයේ සැබෑ අපරාධකරුවන් අල්ලා දන්ගෙඩියට යැවීමට නොවය.

පසුගිය සතියේ ඉවසිය නොහැකිම තැන කාන්තා සිරකරුවන් තම පීඩනයන්  හිරගෙදර වහල මතට ගොඩවී කියාපෑම බාහිර සමාජයෙන් සහනයක් ඉල්ලීමක් ලෙස  අවබෝධ රට වැසියෝද පාලකයන්ද අපට නැත. ඒ වෙනුවට ඉල්ලීම් කල පීඩනයට විසඳුම් ඉල්ලන මිනිසුන්ට කාන්තාවන්ට හෝ පහරදී මේච්චල් කර තැබීම පාලක පක්ෂයේ පැත්තෙන් සිදුවන අතර පොදු ජනයා වැලිකඩ තාප්පයේ සිරකරුවෝද මනුෂ්‍යයයෝය කියා ඇති බෝඩ් ලැල්ල කියමින් නිතර එහෙ මෙහෙ ගියා විනා සිරකරුවන් මනුෂ්‍යන් ලෙස කිසිදින භාරගන්නේද නොමැත.

හොදම විහිලුව වන්නේ පසු ගිය දිනවල ඉල්ලීම් ඉලමින් කාන්තා රැඳවියන් වහලය මතට ගොඩවන විට බන්දනාගාර ඇමති දූරය දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනයාට බන කෙලින යහපාලන ආන්ඩුවේ කාන්තාවකි. වැලිකඩ සිටි අදිකාරීවරයා මින් පෙර වව්නියාවේ දමිල රැදවියන්ට පහරදී  අතපය කඩා රැදවියෙකු මරු තුරුලට යැවූ නිලධාරියෙකි. එවැනි මිනීමරු බන්දනාගාර නිළදාරියෙකුට තලතා අතුකෝරල ඇමතිනිය බලය පවරා ඇත්තේ කෙසේ හෝ වැලිකඩ කාන්තා රැඳවියන් මර්දනය කරණ ලෙසයි. එය එලෙසම ඉටු කිරීමට වැලිකඩ මිනීමරු අදිකාරි තැන කටයුතු කර ඇත්තේ වහලය මතට නැගුණු කාන්තාවන් බොරු පොරොන්දු දී වහලයෙන් බස්සවා  කන්ඩායමේ නායකත්වය ගත් රමණී නම් වූ  කාන්තා රැදවියා තම නිළ කාමරයට ගෙන කොසු කැඩෙන තෙක් පහර දී වෙනත් බන්දනාගාරයකට මාරු කර යැවීමෙනි. ඒ ලෙස විරෝදයට හවුල් වූ සියලු රැදවියන් වෙනත් දුර බැහැර බන්දනාගාර වලට මාරු කර යවන්නට කටයුතු යොදා ඇත. විරෝදය දැක් වූ කාන්තා රැදවියන් ඊයේ නැවත වහලය මතට ගොඩවන්නේ පරිපාලකයන්ගේ අත්තොනෝමතික පලිගැනීම් වලට එරෙහිවය. එයට රැඳවියන්ට වැලිකඩ බන්දනාගර පරිපාලනයෙන් පිළිතුරු ලැබී ඇත. එනම් වවුනියාවේ බන්දනාගාරයේ  ඉල්ලීම් කල දෙමළ රැදවියන්ට අත් වූ ඉරණම වැලිකඩ කාන්තා අංශයේ ඉල්ලීම් කල රැඳවියන්ට ඊයේ මුහුන දෙන්නට සිදුව ඇත.

එවක අනුරාධපුර අදිකාරී උඩුවර ඇතුලු බන්දනාගර පොලීසියේ නිලදාරීන් වව්නියා දමිල දේශපාලන රැදවියන්ට පහර දී අනුරාධපුර බන්දනාගාරයට රැගෙන එන විට මෙම ලියුම් කරු සිටියේ අනුරාධපුරයේ විශේශ රැදවුම් අංශයේ රැදවියෙකු ලෙසය. ඔලු පලා අතපය කඩා පුකෙන් අවිදින දමිළ තරුනයන් ගැන එකල ලංකාවේ  කිසිම මාධ්‍යක් කතාකිරීමට පෙරට ආවේ නැත. ඒ එම රැදවියන් කොටි වූ නිසාය. නිමලරූබන් නම් රැදවියාට වව්නියාවේදී අමානුශික ලෙස පහර දී ගාල්ල බන්දනාගාරයට ගෙනගොස් (නිමල රූබන්ගේ) මලමිනිය කරාපිටිය රෝහලට භාරදුන් බන්දනාගාර ඉතිහාසයේ අපරාදකරුවන් අද වැලිකඩට උසස්වීම් ලබා මාරු වී ඇත. මිනීමරු සාටක රෙජිමය වෙනුවට බටලන්දේ මිනිමරුවන් අතට පාලක බලය හුවමාරු වී ඇත. ඉතිහාසය යලි යලිත්  මුන ගැසීම වැලැක්විය නොහැක. එදා වව්නියා පහරදීමට වග උත්තර කාරයෙකු වූ උඩුවර නම් නිලදාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවා නම් අද ඔහු සිටිය යුත්තේද මිනීමරු රංගජීව හා බන්දනාගාර කොමසාරිස් එමිල් රංජන් ලා සමග කුරූ ගනිමින්ය. වාසනාවට උඩුවර පහරදී ඝාතය කරනු ලබූයේ දෙමළ රැදවියන්ය, දමිල කොටින්ය. දැන් ඔහු වැලිකඩ කාන්තා රැදවියන්ටද අත තබා ඇත. කුමන වරදවල් නිසා හෝ කුඩා දරුවන් සමග බන්දනාගාර ගතව සිටින කාන්තාවන්ගේ අසරන තත්වය සම්බන්දයෙන් අවබෝධයක් ඇති කිසිවෙකු මෙවැනි තිරිසන් පහරදීම් කරන්නේ නැත. පිරිමි නිළදාරීන් ලවුවා තාප්ප හතරක් තුල සිරවී සිටින ගෑනුන්ට හිතක් පපුවක් නොමැති ලෙස පහරදෙන තරමට විකුර්ති මානසික නිළදාරීන්  හා තලතා අතුකෝරල වැනි ඔලුව උදුම්මවා ගත් අම්බරු ඇමැති තම තමන්ගේ තරම ලෝකයටම පෙන්නා ඇත. විදේශකටයුතු ආමාත්‍යවරියකව සිටියදි ඇය අතින්  සිදුවුනු දූශන ක්‍රීයාවන්ට කිසිදු පියවරක් නොගෙනම බන්දනාගාර අමාත්‍යාංශයට  ගාල්කර ඇත්තේ එය හරක් ලගින මඩුවක් යැයි යම පාලන ආන්ඩුව විසින්  විද්‍යාත්මක ක්‍රමයට ඇමති දූර උපකල්පනය කිරීමෙන්දැයි අප දන්නේ නැත. ඇමති තුමියට නම් අන් තට්ටුවක් සමග බන්දනාගාර  ඇමති  පුටුවට එවුවානම් මීට වඩා හොදය. කුරුදුවත්තේ සල්ලිකාරයන් වී ඉපදීම  කොළඹ හා තදාසන්න වතුවල වෙසෙන පීඩිත කාන්තා සිරකාරිනියන්ගේ  ඔලු පලන්නට ලයිසමක් කරගෙන ඇති නමුත් අපි  කුරුදුවත්තේ කොළඹ 07 සල්ලි කාරයො කියමින් කට කියවන ඇමති අම්මන්ඩිට මොලේ නම් කළදක් නැති බව ඊයෙන් පැහැදිලිය.     

පහර කෑ කාන්තා රැදවියන් සීසීකඩ මාරු කර ප්‍රශ්නය යට ගසන්නට තලතලා ඇතුලු මිනිමරු නිළදාරීන් කටයුතු කිරීමට පෙර මෙකී තුච්ච අමානුෂික පහරදීමට එරෙහි වන්නට හිතක් පපුවක් ඇති උන් දහය දොලහක් හෝ එකතුවේ නම් බැරි කමක් නැත. වැලිකඩ මෙන්ම බොහො ඝාතන විකුණා යහපාලන ආන්ඩුවේ තනතුරු පාක්කුඩම් ලැබූ යහපාලන සිවිල් කොන්ත්‍රාත් කරුවන් මේම ම්ලේච්ච ක්‍රියාවට කට පුක නාරිනු ඇත. ලැජ්ජාවක් හෝ තිබේනම් මගට බැසිය යුතුය. ගෝඨලාගෙන් ආන්ඩු බේරගන්නට තියෙන ඇගේ අමාරුව හා මානව දයාව කාන්තා රැදවියන්ට යම පාලන ආන්ඩු යටතේ පහර දුන් විටද තිබිය යුතුය.  

රටේ කිසිම වාමාංශික පක්ෂයක් වැලිකඩ ඝාතනය හෝ මෙතෙක් බන්දනාගාර රැදවියන් සම්බන්දයෙන් යුක්තිය සාදාරනය සෙවීමට අඛන්ඩ මැදිහත් වීම් කර නොමැත. යලට මහට සිරකරුවන්ගේ ප්‍රශ්න උඩ ආ විට නින්දෙන් අවදි වී කැකොස්සන් ගැසීමෙන් ඇති පලක් නැත. සමාජයේ කුනු කූඩයටම දමා තිබෙන සිරකරුවාගේ ඉරණම වෙනස් කිරීමට මැදිහත් වීමට ඇති මැලිකම අප නැවත කියවා ගත යුතුය. ජාතිවාදයට එරෙහි පිරිස් දෙමල දේශපාලන හිරකරුවන්ගේ ප්‍රශ්න දකින ආකාරයටම උනන්දුවකින්  පොදු සිරකරුවාගේ ඉරණම සම්බන්දයෙන් අවදානයක් නොමැති බවද කනගාටුවෙන් උවද කිව යුතුය. සියල්ල එකරාශී වී යා හැකි ගමන් වෙන් වෙන්ව යාමට ප්‍රිය කරණ කල්ලිවාදය ප්‍රතික්ෂේප කොට අවම එකඟතාවයන් මත හෝ කටයුතු කිරීමට පසු බට නොවන්නේ නම් මෙවැනි ම්ලේච්ච් ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට අපහසු නොවනු ඇත. තවත් වැලිකඩ හෝ කිනම් බන්දනාගාරයක සිරකරු ඝාතන සිදුවේ නම්, මෙලේච්ච පහරදීම් සිදුවන්නේ නම් එහි වරද පාලකයන්ගේ පමනක් නොව ඒ දෙස නිහඩව බලා සිටින අපද එම වරදේ කොටස් කරුවන්ය.

 

|විශේෂ ලියුම් කරුවෙකු විසිනි|  

                             

Share this

Related posts