හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

මධ්‍ය කඳුකරය වෙත ලැබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට මධ්‍ය කඳුකරයේ පිහිටි ලක්ෂපාන, මාඔස්සාකැලේ, නෝටන්බ්‍රිජ්, කැනියෝන් ඇතුළු ජලාශ රැසක වාන් විවෘතව ඇති බැවින් පහළ නිම්නයේ කැලණි ගඟ දෙපස ජනතාවට ගංඟා ජල මට්ටම පිළිබඳ ව අවධානයෙන් සිටින්න යැයි එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ සියලු ම ප්‍රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසත් අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට මෙන් ම අතු කපා දැමීමට කටයුතු කරන ලෙසයි.

තව ද කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් මෙන් ම පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඔහු ඉල්ලා සිටියේ ය.

Share this

Related posts