මරණීය දණ්ඩනය ‘මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක්’ : කතෝලික රදගුරු සංසඳය

මරණීය දණ්ඩනය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත්,එය ලොව පුරා අහෝසි කිරීමට අවධාරණයෙන් යුතුව කටයුතු කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසඳය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසඳය පවසන්නේ කතෝලික සභාවේ වර්තමාන ස්ථාවරය සහ ඉගැන්වීම වන්නේ සුභාරංචිය මත පිහිටා සිටිමින්, මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා හෝ පිළිගත නොහැකි බවයි.

ඕනෑම දරුණු අපරාධයක් සිදු කිරීම මත වුවද වරදකරුවා තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව එම සංසඳය පවසන අතර පුරවැසියන්ට නිසි ආරාක්ෂාව ලබා දීමට ඇති අවශ්‍යතාවයද වර්ධනය වී ඇති අතර ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කරගනිමින් යහමාර්ගයට පැමිණ ‘ගැලවිම’ ලබා ගැනීමට ඇති අවකාශය වැදගත් කරණක් ලෙස වැඩිදුරටත් පෙන්වා දෙයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

Share this

Related posts