‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය.

ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ.

පසුගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්ධනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයෙහි ඇතුළත් බව එම කමි‍ටුව පවසයි.

සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස බල කරමින් හා පිටතින් ආහාර රැගෙන ඒම සීමා කිරීමට එරෙහිව සැකකාරියන් පිරිසක් තම අයිතිවාසිකම් ඉල්ලා කළ විරෝධතාවට සහය පල කරමින් බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිටදී ද සිරකාර අයිතිවාසිකම් සුරැකීමේ කමි‍ටුව 13 වන සදුදා දින උද්ඝෝෂණයක් පැවැත්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නැවත නැවත සපථ කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පවසන අතර ඊට සහාය පලකරන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ කාන්තා රැඳවියන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පවසා සිටියේ “වහලේ උඩ නෙවෙයි කොහේ නැගගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ,” යනුවෙනි.

සිරකාර අයිතිවාසිකම් සුරැකීමේ කමි‍ටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ‘අකුණ’ සමග කියා සිටියේ ඇමැති පදවි දරන කාන්තාවක් රැඳවි කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය සම්බන්ධයෙන් කනගාටුව පල කරන බවත්,සිරකාර අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලංකාවද අත්සන් කර ඇති ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව රැඳවියන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය බැඳී සිටින බවයි.

පසුගිය රාජපක්ෂ සමයේ වවුනියා හා වැලිකඩ යන බන්ධනාගාර තුල ඝාතන වලට සම්බන්ධ නිලධාරීහු දඬුවම් නොලබා තවමත් රාජකාරියේ නිරතව සිටින බවට එම කමි‍ටුවේ ප්‍රධාන ලේකම් ලේකම් සුදේශ් නන්දිමාල් චෝදනා කරති.

වහලයෙන් බැස ආවොත් පමණක් සාච්ඡාවට කිරීමට සූදානම් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී පවසා තිබෙන අතර බන්ධනාගාර රැඳවියන්ට පිටතින් ආහාර රැගෙන ඒම තවදුරටත් අත්හිටුවා ඇති බවට රැඳවියන්ගේ ඥාතීන් චෝදනා කරති.

 

 

Share this

Related posts