වැලිකඩ බන්දනාගාර කාන්තා රැඳවි හිංසනයට එරෙහිව (CPRP) කමිටුව එක්සත් ජාතින් හමුවට

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැදවියන් බනදනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම, ඇතුලු අදිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්දනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයේත් අවධානය යොමු නොකිරීම සම්බන්දයෙන් විරෝදය පලකිරීමටත්, බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිශන් කාර්යාලයට ඉහත කරුණු ඇතුලත් වාර්තාවක් භාරදීමටත් සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුව කටයුතු සූදානම් කර ඇත. පසු ගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්දනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඊට ඇතුලත්ය.

කාන්තා සිරකරුවන් හිංසනයට එරෙහිව හඬ නැගීමට අගෝස්තු 14 හවස 1 කට බෞද්ධාලෝක මාවතේ එකසත් ජාතීන්ගෙ කාර්යාලය ඉදිරි පිටට මානවහිතවාදී ඔබ සියලුදෙනාට එකතුවන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටී.

|අකුණ|

Share this

Related posts