ජාත්‍යන්තර තරුණ දිනය අද

1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය අගෝස්තු 12 ප්‍රකාශයට පත් කර තිබේ.

අදට යෙදි තිබෙන ජාත්‍යන්තර තරුණ දිනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත් වේ.

මෙවර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහනේ තේමාව වී ඇත්තේ තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්නයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ‘අකුණ’ වෙත පැවසුවේ සැමරුම් උත්සවය අවසානයේ සංගීත ප‍්‍රසංගයක් හා ආහාර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවයි.

Related posts