සැප්තැම්බර් 1 දා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබේ.

එහි සදහන් වන්නේ 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවත්,01 වනදා සිටම ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක් විය යුතු බව ද නියම කර ඇත.

Share this

Related posts