“ගින්නෙන් උපන් සීතල“ පැසිෆික් සිනමා සම්මාන උළෙලට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරින් ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) සිනමා පටය 12වන ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබේ.

මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 29වැනිදා පැවත්වීමට නියමිතය.

කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.ඊට අමතරව ලාංකීය කලාකරුවන් ‍රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ.

‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, විධායක නිෂ්පාදනයෙන් චන්දන සමරකෝන්, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල ද නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද එක්වන මෙය සිනෙප්‍රෝ සමාගමේ නිර්මාණ කාර්යයක් වන අතර චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ පවසන්නේ ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය මේ වසර අවසානයේ තිරගත කිරීමට අපේක්ෂා කරන බවයි.

 

Share this

Related posts