හිරගෙදර”බයි බෝස් සිල් භාවනා”එල්ලුම්ගස්” යන වැඩවසම් ගෝත්‍රික ආකෘති මගින් රටේ අපරාධ මැඩිය හැකිද?

අතිගරු ජනාදිපති තුමා රෑ 10 ට නින්දට ගොස්  උදේ නැගිට පුවත්පත් කියවීමෙන් යහපාලන ආන්ඩුව රාත්‍රියේ  ගත් වැරදි  තීරන වහා නිවැරදි  කරන බව අප දන්නෙමු.  එතුමා හිමිදිරියේම පත්තර බලා අපට කවන හෙන දිග කඹය ගිලීමට රුචි ජනතාවක් වන හෙයින් මෙම ලිපියද ජනාදිපතිතුමා කියවන වර්ගයේ පුවත්පතක පලවේවා යන ප්‍රාර්තනයෙන් ලිපිය ආරම්භ කරමි.  

රට තුල දිනෙන් දින ඉහල යන අපරාධ රැල්ලට වි සඳුමක් ලෙස අපරාධකරුවන් එල්ලුම් ගස් යැවිය යුතු බව සමාජය තුල කවදත් විටින් විට මත පල විය. පසු ගිය දිනෙක යහපාලන රජයේ නිවුස් මවන්නකු වන මෛත්‍රීපාල ජනාදිපතිවරයා එල්ලුම්ගස ක්‍රියාතමක කල යුතු බව ප්‍රකාශ නිකුත් කරන්නට විය. මැල්කම් රන්ජිත් පියතුමාද ඊට එකඟතාව පලකොට ඇති බවද තොරතුරු ඇත. මහ සංඝරත්නය ගල් ගිලලාය,  කැබිනට් මන්ඩලයේ අනුමැතියද ඊට ලැබුන බව උද්දාමයෙන් පැවසීමට ඒ මහතා කටයුතු කලේය. රාත්‍රියට ඉන්දන මිල වැඩිකරන යහපාලන රජය  එලිවනවිට  ජනාදිපතිවරයාගේ නියමෙන් නැවත් අඩුකරන ජෝකර් ආන්ඩුවක් බවට රූපාන්තරනය වී ඇති පසුබිමක සිරකරුවන් එල්ලා මැරීමද එවැනි ජෝකර් පන්නයේ වැඩපිලිවෙලක් විය හැකි බවද, ජෝකර් මෝඩයාට ඇඳ සිරකරුවන් මරා දමන්නට බැරි නැත. දින 100 පොරොන්දුවේ හාන්කවිසියක් නොදන්නා බව බලයට පැමින කලකට පසු කිවු යහපාලන ජනාධිපති සිරකරුවන් එල්ලා මරා දමන විට සිරකරුවන් එල්ලා මැරීමේ අපරාධ ප්‍රබේද සම්බන්දයෙන් අදහස් පල කලද පවතින නීති වල දුර්වලතා මත නූගත්කමට, ක්ෂනික කෝපයට,  වැටට ඉන්නට, කොස් දෙල් පොල් ගෙඩියට, මිනිමරාගත් මිනිසුන්ද එල්ලා මැරීමට ඉඩ ඇත. විපරීත විධායකය ජනතාව ඇන්දවීමේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්දයෙන් පෙර තීරන ගැනීමේ හැකියාවක් කාටවත් නොමැත. රාත්‍රියට එල්ලා මාරා උදේට කවුද යකෝ මරන්න කිව්වේ කියන තරමේ ජනාදිපති කෙනෙකු අප රටේ භාරකාරයා බව අමතක නොකරමු. කුඩු ව්‍යාපාරිකයන් වෙනුවට අවසානයේ එල්ලුම්ගස් යාමට නියමිතව ඇත්තේ ඔබ අප සමාජයේ ක්ෂනික කෝපයට, නූගත්කම නිසාම ජීවිතය ජීවිතය අඳුරු කරගත් ඔබගේ අපගේ සහෝදරයෙකු නෑදෑයෙකු දෙමවුපියෙකු වීමට පෙර මෙවැනි අබ්බගාත ආන්ඩු ගන්නා තීරන සම්බන්දයෙන් ජනතාව සැලකිලිමත් විය යුතුය.

රටේ අපරාධ සම්බන්දයෙන් ජනතාව තුල දැඩි පිලිකුලක් කරලියට පැමිණ ඇති සෑම මොහොතකම පවතින රජයවල් කලේ සිරකරුවන්ට වරද පටවා තම නොහැකියාව වසා ගැනීම පමණි. මත්ද්‍රව්‍ය ජවාරමට හවුල් පිරිස් රටේ අපරාධ රැල්ලට වගකිව යුතු ප්‍රධාන පාර්ෂව කරුවන් බව රජය පවසන විට මෑත ඉතිහාසය තුල හිටපු අගමැතිවරයෙකුගේ පුත්‍රයකු හවුල් කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීම, නිමල් ලංසලාගේ ඩිෆෙන්ඩරයක තිබී හෙරෝයින් මතුවීම  වැනි යටපත් වී ඇති බොහෝ කුඩු ජවාරම් වලට වගකිව යුත්තන් සිටින්නේ නිරුපද්‍රිතව රාජ්‍ය රැකවරනය යටතේය. බලවතුන් හවුල් හෙරෝයින් ජවාරම් සම්බන්දයෙන් සැමවිට අත් අඩංගුවට පත්වන කුඩු ඕපපාතිකය. ඒවාට හිමිකරුවන් නොමැත. කුඩු ජවාරමට හවුල් දුමින්ද සිල්වලා වුව මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් කිසිදු චොදනාවකට ලක් වී නොමැත. භාරත ඝාතනය හේතුවෙන් මංඩලේ කචල් වීමෙන් අහම්බයකින් දුමින්දලාට සිරගත වන්න්නට වුවද ඔවුන් නිදහස් කරගැනීමේ වැඩකටයුතු රාජ්‍යයේ මැදිහත් වීමෙන් නොබෝ කලකින් සිදුවනු ඇත. ඒ නයින් බලන කල එල්ලුම්ගස් යෑමට සුදානමින් සිටිය යුත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව අපරාධයන්ට හවුල් පිරිස් පමණි. 

ආන්ඩුව ගැනීමට සුදානම් වන එල්ලාමැරීමේ ක්‍රියාවලියේ භයානකකම. 

පොලිස් දෙපාර්තු මේන්තුව විසින් පොලිසිවලට පවරා ඇති වගකීම් වල හැටියට සෑම ප්‍රදේශයකම ඇති පොලිසි විසින් මසකට අදිකරනයට ඉදිරිපත් කළ යුතු නඩු කෝඨාවේ ගොදුරු බවට පත්වන්නේ දරිද්‍රතාවය නිසාම කුඩු වෙලදාමේ සහ බීමේ ඇබ්බැහියට ගොදරු වූ මිනිසුන්ය. පොලීසිය විසින් තම නඩු කෝඨාව සම්පුර්ණ කිරීමට නොහැකි අවස්තාවල අතින් කුඩු දමා හෝ කුඩු පානය කරන්නන් නඩු වලට පටලවන බව ප්‍රසිද්ධ කාරනයකි. ලංකාවේ පවතින නීතියට අනුව ගෑම් 1. මිලි 20 වැඩිය ලග තබා ගත් අයෙකු මත් ද්‍රව්‍ය ව්‍යාපාරයට හවුල් බව අදිකරනයේ ඔප්පු කිරීමට පොලිසීය සමත් වුවහොත් එම තැනැත්තාට අදිකරණයට මරණ දඩුවම වුව පැනවිය හැක. එල්ලුම්ගහ ක්‍රියාත්මක වුව හොත්  මත්ද්‍රව්‍ය ජවාරමේ තෝරුන් මෝරුන්ට රාජ්‍ය ආරක්ෂාවද, හාල්මැස්සන් කූනිස්සන් ලෙස ගත හැකි  නිසි පුනරුත්තාපනයට ලක් විය යුතු නොමග ගිය මිනිසුන් එල්ලා මැරීමේ ක්‍රමවේදයක් නිර්මානය වනු ඇත. 

රටේ උද්ගතව ඇති අපරාධ රැල්ලට බන්දනාගාර තුල සිටින සිරකරුවන් වගකිව යුතුද?

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය හා කාල පරාසය අනුව මත්ද්‍රව්‍ය හෝ වෙනත් අපරාධයකට හසු වු විට සැකකරු අදිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බී වර්තාවක් මගින් රිමාන්ඩ් බන්දනාගත කරනු ලබයි. මත්ද්‍රව්‍ය හෝ ගිනි අවි සම්බන්ද නඩුවලට සම්බන්ද නඩු කටයුතු රස පරීක්ෂක වර්තා ලැබෙන තෙක් බොහෝ විට ඇප ලබා ගැනීමේ හැකියාවක් සැකරුට නොමැත. රස පරීක්ෂක වාර්තා නිම වී එකී වාර්තා අදිකරණයට පැමිනීමට අවම වසර (03)ක කාලයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගතවීම සාමන්‍ය තත්වයක්ය. ඉන් අනතුරුව නීතිපති දෙපාර්තු මේන්තුව මගින් අදි චෝදනා ගොනුකිරීමට අවමයෙන්  තවත් වසර 02 ක පමන කාලයක් වැඩි ප්‍රමානයක් ගතවිය හැක.රටේ ආන්දොලානාත්මක මද්‍රව්‍ය සිද්දි සම්බන්ද සැකරුවන් හැර අනෙකුත් උදවිය මේ කාල පරාසය තුල ඇප ලබා බන්දනාගාරයෙන් පිටතට පැමිනෙන්නේය. අදිකරනයේ නඩුව විභාග වන්නට පටන්ගන්නා විට අපරාද නිමිත්ත සිදුවී වසර 05 ඉක්මවා අවසන්ය.එතැන් පටන් එම නඩුව විභාගකොට තීන්දුව ලබාදීමට අවම වසර 3 සිට 05 දක්වා කාල පරාසයක් දක්වා හෝ ඊට වැඩි විය හැකි කාලයක් ගතවීම ස්තිරය. ඒනයින් ගත් කල අපරාධයක් සිදුවී සැකරුවන්ට  දඩුවමක් නියමවන්න්නෙ අවම වසර 10 හෝ 15 වක කාලයක් ගෙවීමෙන් අනතුරුවය. දඩුවම නියම කරන විට එකි අපරාධ කරුවා අපරාධය කොට ඇප ලබා එලියටගොස් බොහෝ විට විවාපත් වී දරුමල්ලන් සිටින අයවලුන් බවට පෙරලී ඇත. “දඩුවම යාවත් කාලීන නොවීමේ” ප්‍රතිපලයක් ලෙස අපරාකරුවාගෙන් යැපෙන දරුමල්ලන් බිරින්දැ ඇතුලු පිරිසකුත් එම දඩුවමේ නිරපාරද ගොදුරු බවට හැරෙන්නේය. ඉන් අනතුරුව මරන දඩුවම ලබන අපරාදකරුවන්ට බන්දනාගාරය විසින් හෝ පුද්ගලිකව එකී තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කල හැක. එකී ඈපෑල අභියාචනාධිකරණය තුල තවත් වසර 05 කට වැඩි කාලයක් කල් මරමින් නඩු විභාගය අවසන් විය හැක.උදාහරන ලෙස  මොරටුවේ ප්‍රදේශයේ පුදගලයෙකු මරනදන්ඩනය හිමිවී තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේ පවතින නඩුව වසර 13 කට අදික කාලයක් ගතවී ඇතත් නඩුව විභාගයට ගෙන  තවම තීන්දුවක් ලැබී නොමැත. (වැලිකඩ බන්දනාගාරයේ මොරටුවා නම් ප්‍රසිද්ද ම.ද.නි අපිල් සිරකරු සම්බන්දයෙන් තොරතුරු එසේය). ශ්‍රී ලංකා අදිකරනයේ සාමාන්‍ය ක්‍රියා පටිපටිය මෙසේ නම්,  සාමාන්‍ය ජනයා හෝ දේශපාලන බලවතුන් මේ මොහොතේ සිදුවන අපරාධ වැලකීමට සිරකරුවන් එල්ලා මරන්න යැයි යෝජනා කරන විට බෙල්ල යාමට නියමිතව ඇත්තේ අවම  මීට වසර 10 කට 15 කට පෙර වැරදිවලට එල්ලුම්ගස් නියම වූවන්ය. යම පාලන තකතීරු තීන්දු මගින්  සත්‍ය වශයෙන්ම බෙල්ල යාමට නියමිතව ඇත්න්දතේ බන්නාධනාගාර තුල ගෙවා ඇති දඩුවම් කාලය හා අපරාධයට අත් අඩංගුවට පත් අවස්තාව සංසන්දනය කරන විට අපරාධය සිදුවී අවම වසර 25 ගෙවා දමා අවසන් දැනට බන්දනාගාර තුල සිටින මිනිසුන්ය. මෙහි ඇති කේදවාචකය වන්නේ මේ මොහොතේ වැලිකඩ බන්දනාගාරයේ අදිකරණ කටයුතු අවසන්ව මරනදන්ඩනය නියමවී සිටින බොහෝ පිරිසක් වයෝවෘද්ධ පිරිස්ය. මොවුන් එල්ලා මැරීමෙන් සමාජයට දිය හැකි පනිවිඩය කුමක්ද?        

මත් කුඩු ජාවාරමට ඍජුව සම්බන්දව සිටින  ප්‍රධාන පෙලේ අපරාධකරුවන්  එල්ලුම් ගස් යවනවා යැයි පාරම්බෑම යථාර්තයක්ද? 

ඉහත අදිකරන ක්‍රියාවලිය ලියා ඇති තොරතුරු පහත කරුනු සමග සංසන්දනාත්මකව සිතා බලන්න. සියාම්, සිද්දික්, වෙලේ සුදා සහ අතේ අගිලි ගනනට අඩු සංවිදානාත්මක අපරාද ජාවාරම් වලට හවුල් බන්දනාගාර තුල සිටින පුද්ගලයන් මහාදිකරනයෙන් ලැබුනු මරනීය දන්ඩන අදිකරන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය තුල ඇපෑල ගොනු කර ඇති පුද්ගලයන්ය. ඔවුන් සම්බන්දයෙන් මේ වන තෙක් අභියාචනාධිකරණය කිසිදු තීන්දුවක් ගෙන නොමැත. අපට තොරතුරු ලැබී ඇති ආකාරයට ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවරම් කරුවකුට එරෙහිව එකල නීතිපති දෙපාර්තු මේන්තුවේ නීති කටයුතු කල ප්‍රධානියකු විශ්‍රාම ගැනීමෙන් පසු එකී කුඩු ජවාරම් කරුගේ ඇපෑලට වෙනුවෙන් විශාල මුදලකට පෙනී සිටීමට නියමිතය. එහිදි අපරාධ  කරු නිදහස් කරගැනීම ඒකාන්ත බව  නිතීවේදියා  අපරාධ කරුට පොරොන්දු වී ඇත. මෙවැනි තත්වයන් තුල මිනිසුන් එල්ලා මරා දැමීමට ජනාදිපතිවරයාට බලය ඇත්තේ අදිකරන ක්‍රියාවලීන් අවසන් පිරිස් මිස අදිකරන ක්‍රියාමාර්ග තුල සිටින සැක කරුවන් නොවන්නේය. එවිට ජනාදිපති මෛත්‍රිපාලට මරන්නට අත්සන් තබන්නට සිදුවන්නේ මීට වසර 25 කට 30 කට ඈත සිදුවූ අපරාධ වලට වගකිව යුතු නිසි ආහරවේලක් වෛද්‍ය පහසුකමක් අහිමි කුකුලන් මෙන් වසර 15 – 20 සිර කුටිවල ගාල් කොට ඇති  වසර  70 පසු කර සිටින වයෝවෘද්ධ සිරකරුවන්ය. තමා ජනතාවට පොරොන්දු වූ දින 100 වැඩ පිලිවෙල නොදන්නා බව කියූ නායකයෙකුට ඉහත සිරකරුවන් එල්ලා මැරීමේ ඛේදවාචකය හා බෞද්ධ රටක ජීවත් වන අයෙකු ලෙස හෝ  කරගන්නට යන පාප කර්මයේ දිග පලල ගැන අවබෝධයක් ඇතැයි අපට සිතිය නොහැක. 

සිරගෙවල් තුල සිට අපරාධකරුවකු අපරාධ මෙහෙය වන්නේ නම් එහි වරද කොහිද?         

පෝලීසිය කියන ආකාරයට පසු ගිය කාල වකවානුව තුලම අපරාධ සිද්දි දාම හවුල් කරුවන් ලෙස ප්‍රසිද්ද මාකදුරේ මදූෂ් ඇතුලු අපරාධකරුවන් බොහෝ පිරිසක් සිටින්නේ විදේශයන් වල සැගවෙමින්ය. ඔවුන්ගේ මෙහෙය වීමෙන් මෙරට අපරාධ සිදුකරන ඔවුන්ගෙ ගෝල බාලයන් බොම්බ නාටක පෙන්වා ඝාතනය කිරීමෙන් හෝ එල්ලුම් ගස් යවන කතා කියා අපරාධ රැල්ල වැලකිය නොහැකිය. රටේ තරුනයන්ට ඇති රැකියා විරහිත බව සහ අධ්‍යාපන රාටාව තුලින්ම බහුතර කොටසක් හලා දමන විට ඔවුන් ජීවත්වීමේ පිලියම් ලෙස අපරාධ කරුවන් බවට පරිවර්තනය වීම වැලැක්විය නොහැක. දේශපාලන පාතාලයේ රැකවරනය හරහා ක්‍රියාත්මක බොහෝ අපරාධ කල්ලි වලට හෙට එකෙක් එල්ලුම් ගස් යන විට හෙට එකෙක් බොම්බ පෙන්වා මරා දමන විට ඒවාට එකතුවෙන්නට අවශ්‍ය අපරාධ සහයකයන් නිර්මාණය කරන යාන්ත්‍රනය එකී දේශපාලන පාතාල යාන්ත්‍රනය සතුය. මිනිසුන් අපරාධ කරුවන් කරන්නෙද ඔවුන් එල්ලා මරන්නේද එකම තැනකින් නම් ජනතාව ලෙස අපගේ වගකීම පාලකයන් කියන ඔලමොට්ටල කතා ඉස්මුදුනින් පිලිගැනීම නොව සිහිබුද්දියෙන් මෙවැනි කරුනු අවබෝදයෙන් සිතා බලා කටයුතු කිරීමය. 

සිරගෙදර සිටින සැකකරුවන් හා සිරකරුවන් ජංගම දුරකතන සඟවා භාවිතාකරන බවත් එමගින් අපරාධ මෙහෙයවන බවද අර්ධ සත්‍යක් නැතුවාම නොවේය.  නීතීවිරෝදී ලෙස දුරකතනයේ සිට මත් කුඩු දක්වා  බන්දනාගාර තුලට රැගෙන යාමට කටයුතු සැලසෙන්නේද බන්දනාගාර නිලධාරින්ගේ සහයෙන් බවද සත්‍යකි. බන්දනාගාර නිලදාරීන්ගේ පැත්තෙන් බැලූ කල රැකියාවට සරිලන වැටුපක් නොලැබීම මත සිරකරුවන්ගේ මුදලට යටවී  නීතිවිරෝදි කටයුතු වලට බොහෝ බන්දනාගාර නිලදරීන්ගේ සහය සිරකරුවන්ට හිමිවේ. ඒ සෑම නීතිවිරෝදි කටයුත්තකටම සිරකරුවා නිලධාරීන්ට මිලක් ගෙවයි. අතලොස්සක් බන්දනාගාර නිලධාරින් ඒවා වැලකීමට කටයුතු කලද සමස්ත ක්‍රියාදාමයක වැරදි  එකී අතලොස්සට නිවැරදි කල හැකි යැයි කිසිවිට විස්වාසකල නොහැක. 

සිරකරුවාගේ පාර්ශවයෙන්ද සිතා බලන විට අවම මූලික අයිතිවාසිකම් ටික හෝ නොලබන තත්වයක(ආහර,බෙහෙත්,ඉඩ පහසුකම්) සිරකරු පුනරුත්තාපනය ගැන සිතීම පවා විහිලුවක් දක්වා වර්ධනය වී ඇත. බාහිර සමාජයට පෙනෙන්නට භාවනා වැඩසටහන් ක්‍රීඩා වැඩසටහන් මෙහෙයවන බන්දනාගාර පරිපාලනය බන්දනාගාර අභ්‍යන්තරයේ ඇති සැබෑ ප්‍රශ්නය සැබවිටම යට ගසන්නට කටයුතු කරන්නේය. සුද්දා අප රට අත හැර යනවිට පවත්වාගෙන ගිය නීති රෙගුලාසි ක්‍රමවේද අදට ගැලපෙන ලෙස වර්ධනය කිරීමට රාජ්‍ය අසමත් වී ඇතිවා පමනක් නොව ලෝකයට සමාන්තරව සිරකරුවා යනු කවරෙක්ද යන්න අර්ත දැක්වීමේ එකල සුද්දා විසින් සකස් කල  ක්‍රමවේද ඉදිරියට ගමන් කරවීම වෙනුවට සිරකරුවාට හිමි වරප්‍රසාද එකින් එක කප්පාදුකොට ආපස්සට ගමන්කරවා ඇත. චන්ද්‍රිකාගේ පාලන සමය තුල එවක අදිකරණ ඇමති බැටී වීරකෝන් විසින් සිරකරු සමාලෝචන  සමාක්‍රම අත් හිටුවීමට පියවරගෙන ඇත. ඒ රටේ මෙවැනිම අපරාධ සිදුවන විට ඊට පිලියමක් ලෙසය. එහෙත් මේ දක්වා එයින් සමාජයට සිදු වූ යහපතක් නැත. සිදුව ඇත්තේ දිර්ගකලීන සිරදඩුවම් විදින සිරකරුවන් සමාක්‍රම අහිමිවීම මත බන්දනාගාරතුල එක් රැස් වීමයි. බන්දනාගාර තදබදය එන්න එන්නම වැඩිවන විට පසුව බලයට පැමිනි ආන්ඩු විසින් සමාක්‍රම සම්බන්දයෙන් යම් ලිහිල් තීරන වලට එලබෙන ලදි. එහෙත් මරන දන්ඩනය හිමි වූවන් සහ ජීවිතාන්ත සිරකරුවන් එදා බැටී වීරකෝන් කළ තකතීරු තීරනයේ ගොදුරුබවට අදටද පත්ව සිටී. එහි ප්‍රතිපලයක් ලෙස මරන දඩුවම, ජීවිතාන්ත සිරදඩුවමක් හෝ  දිර්ගකාලීන සිරදඩුවමක් ලැබූ සිරකරුවන් යහපත් කල්ක්‍රියාවෙන් සිටියහොත් උපරිම වසර 15 – 20 මෙහා නිදහස් වී සමාජගතවීමේ අවකාශය අහිමි වී බලාපොරොත්තු සුන් මිනිසුන් ලෙස කාලය ගෙවා දමයි. ලෝකය සිරකරුවා සහ දඩුවම යනු කුමක්ද යන්න අර්තකතනය කරන වර්තමාන තත්වයන්ට අනුව බලන විට මානව විරොදී ආකාරයට ලාංකීය සිරකරුවා පලකයන් විසින් පෙලන බව සහතිකය. 1948 දී සිරකරුවාට සුද්දන් විසින් කාලයට අනුව ගැලපෙන ලෙස ලබාදුන් කබාකොරොත්තු ඇදුම පවා අදට ගැලපෙන ලෙස බොත්තමක් අල්ලා වෙනස් කිරීමට අපොසත් පාලකයන් රටක අපරාධ වැලකීමට සිරකරුවන් එල්ලාමරන්න කටයුතු කිරීම තුල ඇත්තේ  අපරාධ වර්ධනය වැලකීම සම්බන්දයෙන් නිසි සොයා බැලීමක් විශ්ලේශනයක් මෙතෙක් කර නොමැති බවයි. 

බන්දනාගාර තුල රැදවියන් ජංගම දුරකතන මගින් අපරාධ මෙහෙයවීමේ චොදනාව. 

බන්දනාගාර තුල සිට අපරාද මෙහෙයවන අපරාධකරුවන් කවුද යන්න නිසි හදුනාගැනීමක් අරාක්ෂක අංශ වලට නොපැවතිය නොහැක. එවැනි අපරාදකරුවන් මේචල් කිරීමට අසමත් නම් එහි චෝදනාව එල්ලවිය යුත්තේ බන්දනාගාර දෙපාර්තු මේන්තුවටය. වැලිකඩ බන්දනාගාරයේ පමනක් සීමිත (05) දුරකතන කුටි ප්‍රමාණයක් මගින් නීත්‍යානුකූල ක්‍රමයට රැදවියන්ට භාවිතාකිරීමට අවකාශය සලසා ඇති තත්වයන් අනෙකුත් බන්දනාගාර තුලද ප්‍රවර්ධනයට කල යුතුය. ඉන් අනතුරුව රැදවියන්  නීතීවිරෝදි දුරකතන භාවිතය අඩපන කිරීමට කටයුතු යෙදීම බන්දනාගාර පරිපාලනයේ වගකීමය. බන්දනාගාර තුල නීතිවිරෝදි ජංගම දුරකතන භාවිතය මෙන්ම හෙරොයින් භාවිතය ජාවාරමට වැටබදින්නට බන්දනාගාර දෙපාර්තමේන්තුව අසමත් වී ඇත්තේ නිකන්ම නොව ඊට බොහෝ කාරනා බලපාන බැවිනි. ඊට ප්‍රාධාන හේතුව ලෙස බන්දනාගාර අමාත්‍යාංශයේ සිට බන්දනාගාරයේ පහලම  නිලධාරින් දූෂිත නිළදාරීන් වීමය. උදා: හිරගෙදර හෙරොයින් භාවිතයට වැට බැදි විට වැලිකඩ බන්දනාගාරයේ රැදවියන්ට එකවේලකට පෙර හාල් මුට්ට හතරකින් (04) පිරිමහ ගත හැකි තත්වය හාල්මුට්ට 6-7 දක්වා වර්දනය වන බව වැලිකඩ කුස්සියේ තතු දන්නෝ විසින් තොරතුරු හෙලිකර ඇත. සිරකරුවන් මත් කුඩු භාවිතයෙන් ඉතිරිවන හාල් මුට්ට ප්‍රමානය නිලධාරින්ගේ සාක්කු දක්වා ගමන් කිරීමට නම් සිරගෙදර මත් කුඩු පැවතිය යුතුය. හිරගෙදර කුඩු හිග කාල වල ඇතැම් අදිකාරීවරුන් වැලිකඩ සිටින කුඩු ව්‍යාපාරයේ නියුතු සිරකරුවන් කැදවා ඔවුන් දිරිමත් කිරීමේ ඉතිහාසයක් බන්දනාගාර දෙපාර්තු මේන්තුව සතුය. නීතිවිරෝදි ලෙස රැදවියන් ජංගම දුරකතන භාවිතය සම්පූර්නයෙන් අඩපන නොකිරීමට බන්දනාගාර පරිපාලනය වග බලාගන්නේ අවම පහසුකම් (නිසි අහර වේලක් , සෞඛ්‍ය පහසුකම්, නිදාගැනීමට නිසි ඉඩ ප්‍රමානයක්) දීමට ඇති අසමත් කම වසා ගැනීමට සිරකරුවා නීතීවිරොදී කටයුතු වලට පොලඹවා ඉහත සදහන් (නිසි අහර වේලක් , සෞඛ්‍ය පහසුකම්, නිදාගැනීමට නිසි ඉඩ ප්‍රමානයක්) සම්නදයෙන් සිරකරුවා විසින් පරිපාලනය ප්‍රශ්න කිරීම වලක්වා ලීමයි. නිතීවිරෝදී ජංගම දුරකතනයක් භාවිතා කරන්නන්  හෝ බුලත් විටක් බීඩියක් හෝ විකුණන සිරුකරුවකු කිසිදා තමන්ට බන්දනාගාරය විසින් අහිමිකොට තිබෙන අයිතිවාසිකම් කිසිදා ප්‍රශ්නකරන්නෙ නැත. යම් සිරකරුවෙකු අයිතිවාසිකම් සම්බන්දයෙන් පරිපාලනය ප්‍රශ්න කලහොත් ඔහුට කිසිවිට නිතීවිරෝදි කිසිවක් කිරීමට ඉඩ අහිරෙන අතර එසේ නිතී විරෝදි වැඩ නොකරන්නෙකු වුව වරදකරුවෙකු කර නිහඩ කිරීමට බන්දනාගාර පරිපාලනය සමත්ය. මෙය එක්තරා ආකාරයකට බන්දනාගාර පරිපාලනය හා සිරකරුවා අතර නීතියට යටින් පවතින අවබෝධතා ගිවිසුමක් වැනිය. බන්දනාගාරය තුල සිටින මහ බැංකු හොරුන් සහ දේශපාලන බලවතුන් ඔවුන්ට හිතවත් අපරාධකරුවන් මේ මොහොතේත් ජංගම දුකතන භාවිතාකරන බව මුලු බන්දනාගාරයටම නොරහසකි. හිරගෙදර සිටි අවදිය තුල සරත් ෆොන්සේකා මහතාද දුරකතනයක් රහසිගතව භාවිතාකල බව ප්‍රසිද්ද රහසකි. මෙවැනි තත්වයන් අවබෝදයෙන් කියවන විට බන්දනාගාර තුලත් අදිකරන පද්දතිය තුලත්  නිවැරදි කල යුතු බොහෝ කාරන රැසක් තිබියදී එහි වෙසෙන මිනිසුන්  එල්ලා මැරීමට යම් පාලකයෙකු හෝ රජයක් කටයුතු කරන්නේ නම් ඒ මේ සියවසේ කරන තකතීරුම නරුම ක්‍රියාවකි.

එල්ලා මැරීම වෙනුවට පොදු සිරකරුවාගේ යහපතටත් රටේ යහපතටත් සිදුවිය යුත්තේ කුමක්ද?

මේ මොහොතේ බන්දනාගාරයට අවැසි වන්නේ අපායේ වැටී සිටින පොදු සිරකරුවා එල්ලා මැරීම නොව මැරි මැරී ජීවත්වන සිරකරුවන් සමාජගතකිරීමේ ප්‍රයෝගික ක්‍රියාවලියක්ය. ඒ සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලවා හෝ නිසි සමීක්ෂණයක් කොට ප්‍රශ්න හදුනාගෙන මානසික, අධ්‍යාපනය, වෘත්තීය, ආර්ථික, පවුල් පසුබිම් යන කැටකරි තුල සිරකරුවන්ට අති ප්‍රශ්න, දක්ෂතා, ඌනතා, හදුනාගෙන ඊට පිලියම් සෙවීමත් සහ නීති ප්‍රතිපාදන සහ සිරකරු සමාලෝචන ක්‍රම හදුන්වා දී මැරීම වෙනුවට සිරකරුවා නැවත සමාජ ගතකිරීමට සුදුසු ලෙස  පරිවර්තනය කිරීමට වැඩපිලිවෙලක් සකස් විය යුතුය. ලෝකෙට පේන්නට පෝය දිනයට බහත්කාරයෙන් සිරකරුවන් පෙලගස්සවා බයිබෝස් ක්‍රමයට සිල්සමාදන් කරවනවා වෙනුවට බන්දනාගාර පරිපාලනය වැඩවසම් ආකෘතියෙන් ගලවා  දූෂනයෙන් හිංසනයෙන්  තොර ආයතනයක් කර නොමග ගිය මිනිසුන්ට හරි පාර පෙන්වන තැනට පත් කල යුතුය. එවැනි වැඩපිලිවෙලකට මැදිහත් විය හැකි රාජ්‍ය නායෙකු වේ නම් ඔවුන් රන් අකුරින් ඉතිහාස ගතවනු ඇත. ආවාසනාවකට ඉතිහාසය පුරාවටම අපි පාලකයන් ලෙස තෝරා පත්කර  ගත්තේ සමස්ත සමාජයම කාබාසිනියා කරමින් විනාස මුඛයට ගෙන ගිය රාජ්‍ය පාලකයන්ය. 

|භානු විජේරත්න|                               

  

    

Share this

Related posts