රැඳවියෙකුට බරපතල ලෙස පහරදීමක් සම්බන්දව කුරුවිට බන්දනාගාර අදිකාරි ජයවීර සිල්වා සිද්දියෙන් මාස 08 කට පසු අදිකරණයට.

මීට මාස අටකට පමන ඉහතදී කුරුවිට බන්දනාගාරයේ රැදවියකුවන ජීවානන්ද රාජපක්ෂ රැදවියාට එහි නිළදාරීන් අමානුෂික ලෙස පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකරුවන් වන කුරුවිට බන්දනාගාර අදිකාරී ජයවීර සහ නියාමක ප්‍රදීප්  යන නිලදාරීන් අද දින(2018|07|12) අදිකරනයට ඉදිරිපත් කිරීමට කුරුවිට පොලීසිය කටයුතු කරන ලදි.

මාස අටක පමණ කාලයක් ප්‍රධාන සැකරුවන් මගහැර සිටිමින් රැදවියාට පහර දීම යට ගැසීම කුරුවිට පොලීසිය කටයුතු කලහ. මෙකි අයුක්සිති සහගත ක්‍රියාකලාපය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව මගින් පොලිස් කොමිසමට  හා කුරුවිට අදිකරනයට පැමිනිලි කිරීමෙන් අනතුරුව කුරුවිට බන්දනාගාර අදිකාරීවරයා සහ තවත් බන්දනාගාර නිළදාරියෙකු  අදිකරනයට ඉදිරිපත් කිරීම කුරුවිට පොලීසිය මගින් අද දින සිදු කෙරුනි.  

ජීවානන්ද රැදවියාට පහරදී අතපය කඩා එකි රැදවියාට විරුද්දව කලහකාරීලෙස හැසිරුනා යැයි බන්ද විනිශ්චය මන්ඩලයේ ව්‍යාජ නඩුවක්ද පැවරීමට අද දින(2018|07|12)අත් අඩංගුවට පත් ප්‍රාධාන සැකකාර බ.අදිකාරී ජයවීර සිල්වා කටයුතු කොට තිබුනි. බ.විනිශ්චය මන්ඩලය තුල රැදවියාට පහර දීම යට ගැසීමට බන්දනාගාරය මගින් පවරා තිබූ ව්‍යාජ නඩුවට නීතිඥ සහය ලබා දුන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු සභාපති සේනක පෙරේරා මහතාට එකී නඩු කටයුත්ත්ට සහභාගීවීම ඇහිරීමටද බ.අදිකාරී ජයවීර සිල්වා මීට පෙර කටයුතු කර තිබේ. 

බන්දනාගාර ගත රැදවියන්ට පහරදී නිළදාරීන් නිලතල හයිය භාවිතා කරමින් රැඳවියන් හිංසනයට ලක් කිරීමේ හා එවැනි හිංසන යටපත් කිරීමේ ගෝත්‍රික බන්දනාගාර සම්ප්‍රදායට එරෙහිව පවතින ක්‍රමය තුල ක්‍රියාත්මක අවම නීතිමය ප්‍රතිපාදන යටතේ හෝ කටයුතු කිරීමෙන් සිරකරුවාට යම් සහනයක් සලසාදිය හැකි බව සිරකරු අයිතිවාසිකම් කමිටු සභාපති නීතිඥ සේනක පෙරේරා අකුණට පැවසීය.පසුගිය කාල වකවානුව තුලම සිරකරු ඝාතනයන් හිංසනයන් වලට බලපෑ ප්‍රධාන හේතුව සිරකරුවා යනු සමාජය තුල නොසලකා සිටිය යුතු පිරිසක් ලෙස සමාජය තුල මුල් බැසගත් මතය බවද, සිරකරු අයිතිවාසිකම් කමිටුව ලෙස සිරකරුවාට අහිමි මානව අයිතීන් හා සිරකරුවා සමාජයේ කුනු මුල්ලට දමා ඇති තත්වය වෙනස් කිරීමට නිරන්තරයෙන් අරගලයේ යෙදෙන බවද පැවසීය.

|අකුණ|

Share this

Related posts