රැඳවි හිංසනයට එරෙහිව නැගී සිටීමේදී රැඳවියාගේ පෙර පවු වල කන්‍යාභාවය කුමක්දැයි වැදගත් නැත.

දිගන තෙල්දෙනිය ජාතිවාදි ප්‍රහාර වලට හවුල් සැකරුවකු වන අමිත් වීරසිංහ රැදවියාට  අනුරාධපුර බන්දනාගාරයේ රඳවා සිටියදී පසුගිය දිනවල බනදනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබේ. එකී පහර දීමට එරෙහිව බන්ධනාගාර අයිතිවාසිකම් සුරකීමේ කමිටුව අද දින (මැයි 30) බන්දනාගාර මූලස්තානය ඉදිරිපිට උද්ගෝශනයක නිරත විය.

බන්දනාගාරය තුල පහර කෑමට හේතුව අමිත් වීරසිංහ රැඳවියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම පමා කිරීම සම්බන්දයෙන් එම රැඳවියා  නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමක් හේතුවෙනි. බන්දනාගාර තුල වෛද්‍ය සේවය ඉතා අකර්මන්‍ය වැඩවසම් ආකෘතියක පවතින බැවින් සාමාන්‍ය පොදු සිරකරුවාට අසනීප තත්වයක් වැලදුන විට දෙයියන්ගේම පිහිට බව බන්දනාගාර තතු විචාරන්නෝ දනිති. බන්දනාගාර තුල රැඳවියන් අතලොස්සක් පමණක් එවැනි වැඩවසම් ආකෘති ප්‍රශ්න කිරීම් කරන්නට යාම හෙම්බිරිස්සාව අතපය කඩාගැනීමකින් කෙලවර වීමට ගත වන්නේ නීමේශයකි. ඇතැම් වෛද්‍යවරු සිරකරුවන් දුර තියා එනවිටම බෙහෙත් ලියා ලෙඩේ කියන්නත් කලින් රෝගින් එලවා දමයි. යම් හෙයකින් බන්දනාගාර නිලදාරියෙක් රැඳවියන්ට පහර දී කකුල් අතපය කඩා දැමූ විට ඒවාට ව්‍යාජ වෛද්‍ය වාර්තා දෙන්නට නම් එකී වැඩවසම් වෛද්‍ය සේවය යූහුසුලුව කටයුතු කරයි. මෙවැනි තත්වයන් තුල බන්දනාගාර තුල ප්‍රභූ සිරකරු පංතියට හිමි පහසුකම් සාමාන්‍ය රැඳවියාට කිසිවිට ලැබෙන්නේ නොමැත. දුමින්ද සිල්වලා එම්බියුලන්ස් වලින් උසාවියට එන විට මැරෙන්න වැටී සිටින සාමාන්‍ය රැදවියකු රෝහලකට ගෙනියන්නට බන්දනාගාර බස් රථයක් හෝ ලබා දෙන්නට එහි නිළධාරීන්ට වුවමනාවක් නොමැත. මෙවැනි අභාග්‍ය තත්වයන්ට සැමවිටම මුහුන දෙන්නේ සාමාන්‍ය සිරකරුවාය. ඒවා ප්‍රශ්න කරන ඕනෑම සිරකරුවෙකුට අත්වන ඉරනම අමිත් වීරසිංහ රැඳවියාටද හිමිව ඇත. යමෙකු  එකී රැදවියා ජාතිවාදියෙකු ලෙස සලකා එම පහර දීමට නිහඬව සිටී නම් එය   ඔවුන්  තුල සිටින සත්වයාගේ තරම පිලිබිපු කරන කැඩපතක් බඳුය.

බන්දනාගාර තුල කිසිදු සිරකරුවකුට අඩංතේට්ටම් කිරීමට පහර දීමට කිසිදු නිලධාරියෙකුට නීතිමය අවකාශයක් නොමැත. සිරකරුවකු නිලදාරීන්එට පහර දුන්නද එවැනි තත්වයන් පාලනය කිරීමට ක්‍රමවේදයක් ඇත. අත පය කඩන්නට ඔලු පලන්නට යැයි එකී ක්‍රමවේදයේ සදහන් වී නොමැත. එසේ ක්‍රමවේදයන් තිබියදී නීති රෙගුලාසී තිබියදී මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවීම පිටුපස ඇති රහස පහර කෑමට ලක්වන රැදවියන් පහර දීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට දිරියක් නොතිබීම හෝ නීතිමය පියවරයන් ගත්තද  පහරදෙන බ.නිලධාරින්ගේ වාසියට නීතිය රකින්නන් හා ක්‍රියාත්මක කරන්නන් කටයුතු කිරීමෙන් එවැනි අයුක්ති සහගත තත්වයන් යටපත් වීමයි. එසේ යටපත්වන යුක්තිය මගින් බ.නිලධාරීන්ට සපයන්නේ පහරදීම් වලට තව තවත් අනුබල දෙන වැරදි පරමාදර්ශයයි. රැඳවියන්ගේ පැත්තෙන් වුවද පහර කෑමට ලක් වූ පසු  නීතිය පිලිබදව ඇති අවිස්වාසය මත හා ඒවා නීතිය ඉදිරියේ පැමිණිලි කරන්නට ගොස් බ.නිලදාරීන්ගේ තව තවත් අඩංතේට්ටම් වලට යටත්වන්නට ඇති බිය මත අකුලාගෙන සිටීම බන්දනාගාරයේ සිරකරුවා තුල නිලධාරින් ඇතිකර තිබෙන යටහත් කාරී  සම්ප්‍රදායයි. එකී බන්දනාගාර මැර නිලදාරීන්ගේ සම්ප්‍රදායට එරෙහිව නැගී සිටින කවර හෝ සිරකරුවෙකු වෙනුවෙන් බන්දනාගාර රැදවි හිංසනයට එරෙහිව අප කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය.

විවිද අවස්තාවන් වල දේශපාලන සිරකරුවන් හා සාමාන්‍ය සිරකරුවන් බුරුතු පිටින් මරාදමන ඉතිහාසය ගැන පමනක් අප කතාකිරීමෙන් පලක් නොමැත. එවැනි ඉතිහාසයන් නිර්මාණය වීමට ඉඩහසර ලබා දී ඇත්තේ අපමය. මතවාදීව කල්ලිවාදීව විවිද ඇදහිලි කල්ලි බවට පත්ව බෙදී සිටින අප  අනෙකාට ඇති විරෝධය මත අනෙකා මුහුන දෙන හිංසනය පිටු දැකීමට ඉදිරියට එන්නේ නැත. හිංසනයට එරෙහිව කොන්දේසි විරහිතව ඉදිරියට නොඑන සිවිල් සමාජයකින් සමස්ත වැසියාට ඇති ප්‍රයෝජනයක් හෝ සමාජ ප්‍රගමනයක් නොමැත. අමිත් වීරසිංහ ජාතිවාදියෙකු වූ පමනින් වෙනස් මතයක් දැරූ පමනින් ඔහු බන්දනාගාර තුල හිංසනයට ලක්වෙද්දී  අප තුල තිබෙන වටිනා මිනිස්කම් යටපත් කරගත යුතුද නැත. නීතිය සාදාරනය යුක්තිය මුලු මහත් පොදුජනතාවටම හිමි නම් යම් පිරිසක් විසකරු වුවද වෙන්කොට සැලකිය නොහැක. බෙදී වෙන්වී ලෝකයා ඉදිරියේ ගතු කියමින් සිටිනවාට වඩා අප සමාජයේම විසකුරු කොටස් වන මහසොනලා නොව රීරි යකාලාට හෝ මනුෂ්‍යත්වය යනු කුමක්දැයි අවබෝධ කරවීමට ඇති අවම අවස්තාවන් ප්‍රයෝජනයට ගත යුතුය. රැඳවි හිංසනයට එරෙහිව නැගී සිටීමේදී රැඳවියාගේ පෙර පවු වල කන්‍යාභාවය කුමක්දැයි වැදගත් නැත.. විරුද්ද මත දාරීන්ට හෝ මෙලේච්චයයන්ට නොලැබෙන සමාජ අයිතිවාසිකම් සුනීත සෝපාකලාට පමනක් වෙන්කොට ලබා ගත හැකි යැයි  සිහින දැකීමද මායාවක් බව අමතක කල යුතු නැත. 

|භානු විජේරත්න|

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු සභාපති නීතිඥ සේනක පෙරේරා  ඉහත බන්අදනාගාර රැඳවි හිංසනයට එරෙහිව  “අකුණට” මෙසේ අදහස් දැක්වීය.      

       

Share this

Related posts