බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් ද ?.

බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් ද ?.
රැඳවි | ජීවානන්ද රාජපක්ෂ

 

පසුගිය වසරේ (28/12/2017) කුරුවිට බන්දනාගාරයේ රඳවා සිටි ජීවානන්ද රාජපක්ෂට බන්දනාගාර නිලධාරීන් විසින් අමානුශික ලෙස පහර දීමක් සම්බන්දව ප්‍රවෘත්තියක් මාධ්‍ය වල පල විය. එම පහර දීමේ සුල මුල හා පහරදීමට වගකිව යුතු පාර්ශවයන් පිලිබදවත්,නීතිය නිසි ලෙස ක්‍රීයාත්මක නොවීම සම්බන්දව තොර තුරු හෙලිකිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙරට පැමිණීමටත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිමය පියවර ගැනීමටත් පියවර ගෙන ඇත.

බන්දනාගාර තුල ඉතිහාසය පුරාවට සිරකරුවන්ට සිදුවන අසාධාරනයන් අඩංතේට්ටම් වලට එරෙහිව නීතිමය පියවර ගැනීම ඉතා විරල කටයුත්තකි.යම් රැඳවියෙකු අසාධාරනයට ලක් වූ විට නීතියේ පිහිට පැතීම එම රැදවියන්ගේ ජීවිතය මරනයෙන් කෙලවර වූ අවස්තා උදාහරන සහිතව ඉදිරිපත් කල හැක.වැලිකඩ 2012/11/09 වන දින ඝාතනය වන සිරකරුවන්ගෙන් බොහෝ පිරිසක් ආරක්ශක අංශ නිලදාරීන්ට හා බන්දනාගාර ඉහල නිලදාරීන්ට එරෙහිව මානවහිමිකම් නඩු පැවරූවන්ය. සත්‍ය වශයෙන්ම බන්දනාගාර නිලදාරීන් හිතා සිටින්නේ ඔවුන් සිරකරුවන්ගේ අලුගෝසුවන් බවත් ඊට එරෙහිවීමට කිසිවෙකුට නොහැකි බවත්ය.

කුරුවිට බන්දනාගාරයේදී පහර කෑමට ලක්වූ රැඳවි ජීවානන්ද රාජපක්ෂ ගේ බිරිය වන දිල්ෂා කුමාරි මහත්මිය තම ස්වාමියාට බ.නිලධාරීන් පහර දීම සම්බන්දයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙත කරුණු පැහැදිලි කර තිබුනේ මෙසේය.

මගේ මහත්තය තමයි ජීවානන්ද ‍රාජපක්ෂ කියන්නේ. 28/12/2017  දින කුරුවිට බන්දනාගාරෙදි මගේ මහත්තයට බන්දනාගාර නිලදරීන් පහර දී අතකුයි කකුලකුයි කඩල තිබුණ. මගේ මහත්තයට එහෙම ගහන්න හේතුව වුනේ මීට පෙර බන්දනාගාර ගතවූ අවස්තාවක මගේ සැමියට වුන අසාදාරනයක් නිසා කුරුවිට බ.අදිකාරී ජයවීර ද සිල්වාට එරෙහිව මානවහිමිකම් පැමිනිල්ලක් ගොනු කිරීමට මගේ මහත්තය කටයුතු කිරීම. මෙවර බන්දනාගාර ගතවූ පසු එම පැමිනිල්ල ඉල්ලා අස්කරගන්න කියල කුරුවිට බ. අදිකාරී ජයවීර සිල්වා තර්ජනය කරන බව සැමිය මට කිහිප විටක් ප්‍රකාශ කලා ඔහු මුනගැහෙන්නට බන්දනාගාරයට ගිය අවස්තාවල. අවසන් වරට මම සැමියා බලන්නට ගිය විට බ.අදිකාරී ජයවීර සිල්වා ඔහුට එරෙහිව පවරා ඇති පැමිනිල්ල ඉල්ලා අස්කරගත්තෙ නැත්තම් පැනයාමට තැත්කරා කියල තාප්පේ මුල්ලට දාල වෙඩිතියන බව පැවසූ බව සැමියා මට කිවුව . මම සහ ස්වාමියගේ සහෝදරිය වහාම බන්දනාගාර කොමසාරිස්ට මගේ ස්වාමියා පත්ව ඇති අනාරක්ශිත තත්වය ගැන කරුනු ඉදිරිපත් කලත් වැඩක් උනේ නෑ. අවසානේ කුරුවිට බ. නිලධාරීන් මගේ සැමියට දරුනු විදියට පහරදීල කකුලකුයි අතකුයි කඩල තිබුණ.

ජීවානන්දට පහර දුන් බ.නිලදාරීන්
|ජීවානන්දට පහර දුන් බ.නිලදාරීන්|

සැමියට පහර දුන් දවසේ මම ඔහුව බලන්න කුරුවිට බන්දනාගාරයට ගියත් මාව බන්දනාගාර නිලදාරීන් එලවගත්ත. මට කුරුවිට බ. නිලදාරීන්ගෙන් දැනගන්න ගියේ  ඇයි මගේ සැමියට එහෙම ගහල අතපය කඩන්න හේතුව මොකක්ද කියල. ඔවුන් මවා එලව ගත්තේ මම ඔවුන්ගෙ සේවයට භාදාකරා කියල පැමිලි කරන බව තර්ජනය කරමින්. මහත්තය රඳවල ඉන්න බන්දනාගාරෙන් මොකද වුනේ කියල දැනගන්න අයිතියක් නැති තැන මන් කුරුවිට පොලීසියට ගිහින් පැමිනිල්ලක් කරා. මහත්තයට පහරදීමට පෙර ඔහු මුන ගැහෙන්න බන්දනාගාරයට ගිය අවස්තාවල ඔහුට බන්දනාගාර අදිකාරී ජයවීර සිල්වාගෙන් තිබු අනතුරු ඇඟවීම් ගැන මම කුරුවිට පොලීසියට කරුනු ඉදිරිපත් කරා. පසුව මම කුරුවිට රෝහලට මහත්තය බලන්න ගියාම ඔහු කිවුව බ.අදිකාරී ජයවීර සිල්වා සහ ප්‍රදීප් නැමැති ජේලර් වරයා බලා සිටියදී නියාමක අනුර සහ ගජමන් යන නිලදාරින් පොලු වලින් පහර දුන් බව. මගේ මහත්තයගේ අතපය කඩන්නේ ඔහු අදිකාරී ජයවීරට විරුද්දව දාල තියෙන මානවහිමිකම් පැමිනිල්ල ඉවත් කර නොගත්ත නිසා බව ඔනවටත් වඩා සාක්ෂි තියෙද්දි කුරුවිට පොලීසියෙන් ජයවීර සිල්ව සහ පහර දුන් නිලදාරීන්ට පක්ශපාතීව නිතීය ක්‍රියාත්මක කරන බවක් තමයි පේන්න තියෙන්නෙ. පහර දුන් නිලදාරීන් අත් අඩංගුවට ගැනීමකින් තොරවම ඇප ලබා ගෙන තියෙනව අදිකරණයෙන්. පහර දුන් අය අදිකරණයෙන් ඇප ගන්නකොට පොලීසියෙන් හෝ රෝහල් පොලීසියෙන් මගේ මහත්තයගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන තිබුනෙ  නැහැ. 

මම පොලිසීයෙන් සහ අදිකරනයෙන් ඉල්ලන්නෙ මගේ මහත්තය වැරද්දක් කරල තියෙනව නම් නීතියෙන් දඩුවම් දෙන්න. ඒ වගේම අදිකරනණය භාරයේ ඉන්න මගේ මහත්තයට කුමන්ත්‍රණ කාරීව පලිගැනීමේ අදහසින් බන්දනාගාරය තුලදී කල පහරදීම ගැනත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියල මන් වගකිව කිව යුතු නිලදාරීන් ගෙන් ඉල්ලා හිටිනව.

ඉහත පහර දීම සම්බන්දයෙන් කරුණු පැහැදිලි කල නීතීඥ සේනක පෙරේරා ( සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව).

|නීතිඥ සේනක පෙරේරා|

පහුගිය වසරේ දෙසැම්බර් 28 වෙනිද කුරුවිට බන්දනාගාරේ රැදවියෙකුට එහි නිලදාරීන් අමානුෂික ලෙස පහර දීමක් සම්බන්දයෙන් බන්දනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට කරුනු දැනගන්නට ලැබුන. ඒ අනුව එම අසාධාරනයට පත් රැදවියා වෙනුවෙන් නීතිමය කටයුතු කරන්න මම මැදිහත් වුනා.

මේම පහරදීම ඉතාම පැහැදිලී කුරුවිට බ. අදිකාරී ජයවීර සිල්වාගේ අනු දැනුම මත සිදු වූවක් බව.මෙහි තිබෙන නරකම තත්වය තමයි ජීවානන්ද රැඳවිය මින් පෙර බන්දනාගාර ගතවූ අවස්තාවක සිදුවූ අසාදාරනයක් මුල් කරගෙන කුරුවිට බ.අදිකාරී ජයවීර සිල්වාට එරෙහිව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිනිල්ලක් මුල් කොටගෙන මෙම පහර දීම සිදුව ඇති බව පහර දීමට පෙරත් පසුත් පැහැදිලි සාක්ෂි තියෙනව.ජයවීර සිල්වා විසින් ජීවානන්ද යන රැඳවියට කිහිප විටක් තර්ජනය කරල තියෙනව ඔහුට එරෙහිව ඇති පැමිනිල්ල ඉවත්කරගන්නා ලෙසත් එසේ නොමැති නම් අතපය කඩන බවට තර්ජනය කොට තිබෙනවා පමනක් නොව හිරගෙදර තාප්පය අසලට ගෙනගොස් පැනයාමට තැත් කලා යැයි වෙඩිතබා මරා දමන බවටද පහර දීමට පෙර අනතුරු ඇගවීම කල බවට සාක්ෂි තිබෙනව.

ජීවානන්ද රැදවියට බන්දනාගාරය තුල පහර දීම සිදුවන්නෙ 28/12/2017 වුනත් ඔහුගෙන් කට වුත්තරයක් ගන්න කුරුවිට පොලීසියෙන් කටයුතු කරන්නේ 07/01/2018 වෙනිද.ඒ වගේම 29/12/2017 පැරකෑ රැදවියාගේ බිරිදගේ පැමිනිල්ලට ඇනුව අදිකරනයට කරුනු වර්ථාකරන කුරුවිට පොලීසිය පහර කෑ රැදවියාගෙ තත්වය විමර්ශනයකට ලක්නොකර හොර පාරෙන් පහර දුන් බ.නිලදාරීන් අදිකරනයට ඉදිරිපත් කර ඇප ලබා ගැනීමට අවකාශය සලසල තියෙනව. පෝලීසිය කටයුතු කර තිබෙන්නේ පහර දුන් කුරුවිට බන්දනාගාර නිලදාරීන්ට පක්ශ පාතීව බව බැලූ බැල්මට පැහැදිලී. අනෙක් කරුන මෙම පහර දීම පිටුපස කුමන්ත්‍රණයේ පිටුපස කුරුවිට බ. අදිකාරී ජයවීර සිල්වාට හා ජේලර් වරුන්ට එරෙහිව මේ වන තෙක් බන්දනාගාර දේපාර්තුමේන්තුව කිසිදු පියවරක් අරගෙන නැහ. පහර කෑමට පෙර එම රැදවියාගේ සහෝදරිය මෙම අනතුර සම්බන්දයෙන් කොමසාරිස් වරයාට පැමිනිලි කරල තිබුනත් ඒ සම්බන්දයෙන් නිසි පියවරක් බන්දනාගාර දෙපාර්තුමේන්තුව අරගෙන නැහ.

ජීවානන්දට පහර දීම සම්බන්දයෙන් බන්ද විනිශ්චය මන්ඩලයේ පවතින නඩුවට ජීවානන්ද රැඳවියා වෙනුවෙන් මා පෙනී සිටීමට කුරුවිට බන්දනාගාරයට පසුගිය දිනක ගියත් කුරුවිට අදිකාරී ජයවීර සිල්වා හිතා මතා එම නඩුවට මාගේ සේවාදායකයා වෙන්වෙන් ඉදිරිපත් වීමට තිබූ අවස්තාව අවහිර කරනු ලැබුවා. මා එම අවස්තාවේම කුරුවිට අදිකාරිට ලිඛිතව මගේ අවස්තාව මගහැරීම ගැන පැමිනිලි කරා. ඒ වගේම බන්දනාගාර අමාත්‍යාංශයට, බන්දනාගාර කොමසාරිස් වරුන්ට, මෙන්ම නීතීඥ සංගමයටත් මා ඒ සම්බන්දයෙන් කරුනු ඉදිරිපත් කරනු ලැබුවා . කුරුවිට පොලීසිය සහ කුරුවිට බන්දනාගාර නිලදාරීන් එකතු වී මෙම පහර දිම යටගැසීමේ ක්‍රියාවලියක නිරත බව බොහොම පැහැදිලී. කුරුවිට පොලිසියේ පක්ෂග්‍රාහීත්වය සම්බන්දයෙන් මම අදිකරනයට කරුනු ඉදිරිපත් කල විට තමයි අදිකරනයට නිවැරදි තත්වය අවබෝධ වෙන්නෙ. කුරුවිට පොලීසිය අදිකරණයට සත්‍ය කරුනු වසන්කර තිබෙන තත්වයක තමයි පහර දුන් නිලදාරීන්ට ඇප ලැබෙන්නෙත්. කුරුවිට පොලිසියේ පක්ෂග්‍රාහීත්වය සම්බන්දයෙන් පොලිස් කොමිසට කරුනු ඉදිරිපත් කරල තියෙනව අපි මේ වෙනකොටත්.

සම්පූර්ණ සිද්දිය දිහා බැලුවම අවබෝධ වෙන කාරනයක් තමයි නීතිය රකින්න ඉන්න ආයතන එකතුවෙලා අගතියට පත් පාර්ශවය තවත් තලා පෙලන බව. බන්දනාගාර නිලදාරීන් හා පොලිස් නිලදාරීන් තුල මතයක් තියෙනව ඒ වුදවිය කරන අඩංතේට්ටම් අපරාධ වහගන්න පුලුවන් බව.මේවැනි තත්වයන් නරක පූර්වාදර්ශ බවට පත්වෙලා අගතියට පත් පාර්ශවයන් නීතිය විස්වාස නොකරන මට්ටමට වැටිල තියෙනව.එයින් වෙන්නෙ රටේ නීතිය රකින්න ඕන ආයතන කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බවට පත්වීම. රටක පුරවැසියන් විදියට මෙවැනි තත්වයන් අභියෝගයට ලක් කරන්න ගත යුතු ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් නැති කමත් එක ප්‍රශ්නයක් වගේම විශේශයෙන් බන්දනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් අපහාසාත්මක ලෙස මුල්ලකට ගාල්කර තිබෙන සමස්ත සමාජයත් වගකියන්න ඕන.

බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් බවට පත්ව ඇති මොහොතක බන්දනාගාර නිලදාරීන්ගේ අමානුශික අඩංතේට්ටම් වලින් සිරකරුවා ගලවා ගැනීමට නම්, අපක්ෂපාත පරීක්ෂණ මෙන්ම නිවැරදි යුක්ති සහගත නඩු විභාග මගින් වැරදි කරන ලද නිලදාරීන්ට තනතුරු නොසලකා දඩුවම් පැමින වීම මගින් පූර්වාදර්ශයක් ඉදිරිපත් කල යුතුයි.

බන්දනාගාර අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ලෙස අප තීරනයක් අරගෙන තියෙනව කුරුවිට බන්දනාගාර නිලදාරීන් ජීවානන්ද රැඳවියට කරන ලද අමානුශික පහරදීමට එරෙහිව හා ඉහත පහරදීමට අදාලව පොලිසියේ හා බන්දනාගාර වගකිව යුත්තන් ක්‍රියාකරන ආකාරයේ පක්ෂග්‍රාහීත්වය සම්බන්දයෙන් රටේ ඉහලම අදිකරනයකට කරුණු ඉදිරිපත් කරන්න.

සාකච්චා කලේ | භානු විජේරත්න

Share this

Related posts

One Thought to “බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් ද ?.”

  1. Wow, this piece of writing is nice, my sister
    is analyzing these things, so I am going to inform
    her.

Comments are closed.