යහපාලන සිවිල් නඩේ, පිස්සු කෙලින  “විස්කි කඩේ පූසෝ”

යහපාලන සිවිල් නඩේ, පිස්සු කෙලින  “විස්කි කඩේ පූසෝ”

රාජපක්ෂ රෙජිමය බලයෙන් පහ කිරීමට ක්‍රියාකාරී වූ සිවිල් බලවේග පිරිස් අතරින් යම් පිරිසක් යහ පාලන ආන්ඩුවේ පිලිකන්නට වී කෙලින පිස්සුව සුලු පටු නොවේ. රාජපක්ෂ රෙජිමය බලයෙන් පහකිරීමේ බලඇනියේ ඇතැම් කල්ලි කන්ඩායම් ගොඩ නැගෙන්නේම මුදල් ගසා කමින් බහුතර කොටසකගේ අව්‍යාජත්වයන් විකුනාය. රෙජිමය පෙරලා දමන්නට ජනතාව පෙලගැස්වීමේහිලා කලාකරුවන් හා සිවිල් බලවේග කර ඇත්තේ කුමක් දැයි හරියටම දේවසිරිලාගේ මේ මොහොතේ දේශපාලනය දෙස බලා සිටිමෙන් වඩා පැහැදිලි කරගත හැක. රෙජිමය පරජය වීමේන් පසු පීඩිත මිනිසුන්ගේ විවිද වූ අරගලයන්ගේ ව්‍යාජ නියෝජිතයන් වහා යුහුසුලුව යහ පාලන වලන් කඩේට රින්ගා ගත්හ.අනතුරුව ආන්ඩුවේ මෙහෙකරුවන් වෙමින් උතුරේ මෙන්ම දකුනේද පිඩාවට පත් ජනයාගේ සැබෑ ප්‍රශ්න දිය කර හැරීමේ මෙහෙයුම ආරම්භ කරන ලදි. ඉන් නොනැවතුනු මෙකි නඩය බටලන්දේ රනිල් හාමු ලා පරිස්සම් කරමින් ශිෂ්‍ය අරගල මෙන්ම රාජ්‍ය ඉඩම්, දේපොල හා ආයතන පුද්ගලිකරනයට එරෙහි අරගලවලට එරෙහිව ආන්ඩුවේ කසකරුවන් වූහ.එකී අරගල අයුක්ති සහගත කිරීමේ කොන්ත්‍රාත්කරුවන් වූහ.පවතින ආන්ඩුවේ බලයට පැමිණීමටද බලය තහවුරු කරගැනීමටද පසුගිය කාල වකවානුවේ සිදු වූ ඝාතන ඇතුලු අතුරුදහන් වීම් කෙවිටක් කර පරිබෝජනය කල මෙකී ආන්ඩුවේ කූඨ ව්‍යාපෘති වල නියෝජිතයන් එකී වින්දිතයන්ගේ දුක් කදුලු හිරිකිතයකින් තොරව විකුනාදැමූහ. ආන්ඩුවේ තනතුරු හා වරප්‍රසාදිත මෙකී නියෝජිතයන් අපරාධකරුවන්ට එරෙහි අරගලයේ හඬ තුනී කිරීමේ මෙහෙයුම් කරුවන් බවට පත් විය.

සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය යනු මහින්දට එරෙහිවීම ලෙස ආරූඪ කරගැනීමත් පවතින ආන්ඩු රැකීමත් ලෙස අර්ථ කතථනය වීමට ඉඩතැබිය යුතු නැත.ඒ මක් නිසාද යත් ඉන් භාහිරව සිවිල් සමාජ ක්‍රීයාකාරීත්වයක් තිබුනා නම් රාජපක්ෂ පාලනයේ ප්‍රශ්න අදටද ගෙඩියපිටින් තිබෙන්නට පිලිවන් කමක් නොමැත. කඩිනමින් යුක්තිය සාධාරනය ඉටුවිය යුතු ජනතා ප්‍රශ්න පෙලගැස්ම වීමකින් තොරව ආන්ඩුවේ න්‍යායපත්‍රයට මිනිසුන්ගේ ප්‍රශ්න පෙලගස්වන සිවිල් සමාජ ක්‍රියකාරිත්වය කුමක්දැයි ප්‍රශ්න නොකරන තාක් බොඩ් ලෑලි වල වලංගුතාවය රැකෙනු ඇත. පසු ගිය මැතිවරනය පුරාම 62 ලක්ෂයේ ජනතා වරම ප්‍රමෝට් කරමින් රනිල් ගේ දේශපාලන කැම්පේන් එකේ කොටස් කරුවන් වූ මෙකි ස්විල් සමාජය අතුරු දහන් වූවන් වෙනුවෙන් කල කාර්ය භාර්‍ය කුමක්ද? හිඟන්නාගේ තුවාලය කරගනිමින් සදාකල් විකිනිය හැකි ප්‍රශ්න දඩමිමාකරගෙන සිවිල් සමාජ ක්‍රියාකාරී බෝඩ් ලෑල්ල යට සිට අන්ඩුවේ තනතුරු පඩුරු පාක්කුඩම් හා රාජ්‍ය නොවන ව්‍යාපෘති වලින් යැපෙමින් ගෙන යන වැඩ පිලිවෙල රාජපක්ශ සමයේ වන්දි බට්ටකම් කල අයවලුන්ට දෙවෙනි නැත. උන් ප්‍රශ්න ගොඩනගා මඩි තර ගත් අතර මුන් ප්‍රශ්න විසදන මුවවෙන් මඩි තර කර ගත්හ.

දෙමළ ජනයා ගෝනාට ඇන්දවීමේ ආන්ඩුවේ ව්‍යවස්තා කොමඩියට රඟපෑ නලු නිලියන් නොකර සද්දය.එකී ව්‍යවස්ථා සංශෝධනයට මොකද වෙන්නෙ කියා මේ වන විට වගක් නැති උදවියගෙන් අප ප්‍රශ්න කල යුත්තේ ඒ වෙනුවෙන් යැයි පවසමින් රට වටේ මිනිසුන් දැනුවත් කරන මුවාවෙන් නාස්තිකරන මුදල් ප්‍රමාණය ගියේ කාගේ සාක්කුවටද යන්නයි. ව්‍යවස්ථා සංශෝධනයක් රටේ ජනතාව ඉල්ලා නැති පසුබිමක හා ඊට මෙහා විසදිය යුතු ජනතා ප්‍රශ්න දහසක් තිබියදී 62 ලක්ශයේ ජනතා උරුමය කරේ තබාගෙන රනිල් හාමු රැකීමෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයේ අනන්‍යතාවය හොදින් පැහැදිලි වී ඇත. තායි රතු කමීස ව්‍යාපාරය වැනි අරගල තුල සිවිල් ක්‍රියාකාරිකයන් මැදිහත්වී ජනතා පශ්න වැලදගන්නා ආකාරය දෙස බලන විට අපේ රටේ සිදුවන්නේ නාගරික උගත් කොල්ලකරුවන් ජනතාවගේ ප්‍රශ්න වැලදගෙන දිය කර හැරිමයි. ජනතා ප්‍රශ්න සියල්ල සැමරීම් උත්සව වලට සිමාවුනු මෙකි කොල්ලකරුවන්ගේ ව්‍යාජ අරගල තුල අතරමං වන වින්දිතයන්ට  වැලන්ටයින් සමරමින් සිටිනු විනා ඉන් එහා ඔවුන් පැතූ යුක්තිය සාධාරණය ඉටුවෙන දිනයක් පේන මානයක නොමැත. රටේ විසදිය යුතුව ඇති ප්‍රශ්න අතට ගෙන ආන්ඩුවේ ඔඩොක්කුවට දා කිරමින් කල්මරන මෙකි තක්කඩින් වසර 03 ක් තිස්සේ නැවත රටේ දුර්දාන්ත පාලනයකට පාර කපා අවසාන බව පහුගිය මැතිවරන ප්‍රතිපලයෙන් පැහැදිලිය.

|භානු විජේරත්න|

Share this

Related posts