ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ‘ලෝක උරුම සිංහරාජයේ දැව ජාවාරම’ ජයටමට කෙරේ : ජනපති,පරිසර ඇමති නිහඩයි | VIDEO

සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුල දැවැන්ත දැව ජාවාරමක් සිදු වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ 25 වන බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය. පරිසර සහ සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසන්නේ සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දැනුවත් කළද ඒ සම්බන්ධ වගකීමක් ගෙන නොමැති බවයි. ලෝක උරුම සිංහරාජයේ ගස් කපන පුද්ගලයන් ඇල්ලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇතත් ආණ්ඩුව එය මග හැරීමෙන් පෙන්නුම් කරන්නේ දැව ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බවයි පරිසරවේදී…

Read More

ජාතික විභාග කටයුතුද ‘මිලිටරිකරණය’ වේ : ලංකා ගුරු සංගමයේ ලේකම්

විභාග දෙපාර්තමේන්තුව විසින්  විභාග වංචා වැළැක්වීමේ අරමුණින් ජාතික විභාගවලදී අතිරේක ශාලාධිපති නමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් සේවයේ යෙදවීම ජාතික විභාග කටයුතුද මිලිටරිකරණය කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. විභාග කොමසාරිස්වරයා විසින් විභාග ශාලාවල සේවයට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත්තේ විභාග කටයුතු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවලදී ය. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය විරුද්ධ බවත්,මීට පෙර විභාග ශාලාවල කටයුතු සිදු කළ ගුරුවරු විදුහල්පතිවරු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් මනා පුහුණුවකින් හා පළපුරුද්දකින් යුත් නිලධාරීන් බවත් ඔවුන් සිටියදී බාහිර පුද්ගලයන් විභාග රාජකාරිවල යෙදවීමෙන් විභාග අක්‍රමිකතා වැළැක්වීමක් සිදු නොවන බව…

Read More

‘විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා’ ජනපති | VIDEO

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දිමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපති මේ බව ප්‍රකාශ කලේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරිම් පොළොන්නරුවේදී ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ 21 වනදා එක්වෙමින් ය. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව…

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් GSP +බදු සහනය ලබා ගැනීමට බාධා : යුරෝපා සංගමය

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින වරදකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශ ප්‍රධාන පෝල් ගොඩ්ෆ්‍රි අදහස් පල කර තිබේ. ඔහු පවසන්නේ මරණීය දණ්ඩනය ලබා දීම ක්‍රියාත්මක කරනු ලැබුවහොත් එය ශ්‍රී ලංකා‍වට GSP + බදු සහනය ලබා ගැනීමට ස්ථීර වශයෙන්ම බාධාවක් වනු ඇති බවයි. ශ්‍රි ලංකාවේ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් වගකිව යුත්තන්ගේ අවධානය යොමුකොට ඇති නිසා ඔවුන්ගේ…

Read More

මරණ දඬුවමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විරෝධය

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින වරදකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කනස්සල්ල පළ කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම ගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ. 1974 සිට වසර 34ක් තිස්සේ මරණ දඬුවම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශේෂ පැසසුමට ලක් වු අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකාව 2016 වසරේ දී ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…

Read More

දැන් එල්ලුම් ගස් යන්නේ මිනිස්සු නෙමෙයි මානව අයිතිවාසිකම් : ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දැන් එල්ලුම් ගස් යන්නේ මිනිස්සු නෙමෙයි මානව අයිතිවාසිකම් බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යන මරණ දඩුවම ගැන අදහසක් එක්කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. [embedyt] https://www.youtube.com/watch?v=Zth2vJw3VT8[/embedyt]  

Read More

රැඳවියෙකුට බරපතල ලෙස පහරදීමක් සම්බන්දව කුරුවිට බන්දනාගාර අදිකාරි ජයවීර සිල්වා සිද්දියෙන් මාස 08 කට පසු අදිකරණයට.

මීට මාස අටකට පමන ඉහතදී කුරුවිට බන්දනාගාරයේ රැදවියකුවන ජීවානන්ද රාජපක්ෂ රැදවියාට එහි නිළදාරීන් අමානුෂික ලෙස පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකරුවන් වන කුරුවිට බන්දනාගාර අදිකාරී ජයවීර සහ නියාමක ප්‍රදීප්  යන නිලදාරීන් අද දින(2018|07|12) අදිකරනයට ඉදිරිපත් කිරීමට කුරුවිට පොලීසිය කටයුතු කරන ලදි. මාස අටක පමණ කාලයක් ප්‍රධාන සැකරුවන් මගහැර සිටිමින් රැදවියාට පහර දීම යට ගැසීම කුරුවිට පොලීසිය කටයුතු කලහ. මෙකි අයුක්සිති සහගත ක්‍රියාකලාපය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව මගින් පොලිස් කොමිසමට  හා කුරුවිට අදිකරනයට පැමිනිලි කිරීමෙන් අනතුරුව කුරුවිට බන්දනාගාර අදිකාරීවරයා සහ තවත් බන්දනාගාර නිළදාරියෙකු  අදිකරනයට ඉදිරිපත් කිරීම කුරුවිට පොලීසිය මගින් අද දින සිදු කෙරුනි.  …

Read More

පොහොට්ටු නාගරික මන්ත්‍රී ළමුන් ජාවාරමේ..

( http://www.sundayobserver.lk/2018/06/10/news-features/pohottuwa-pc-chairman-mired-child-trafficking-case  sundayobserver| by Maneshka Borham ) ඉහත ලිපියේ සිංහල පරිවර්තනය | ගීතිකා ධර්මසිංහ.    මේසතියේ මුල ලිඳුල ප්‍රාදේශීය සභා සභාපති සහ පොහොට්ටුවේ දේශපාලන සභික, අනගිපුර අසෝක සේපාල සහ තවත් සය දෙනෙකු ළමුන් පැහැරගැනීමේ සිද්ධියකට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සය දෙනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සභිකයකු වන ඉෂාර අනුරුද්ධ මන්චනායකද වේ.   මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ සහ ළමුන් හොර ජාවාරම් කිරීමේ සිද්ධි දෙකකට චෝදනා ලබා සිටී. මංචනායක අත්අඩංගුවට ගැනීමත් සමග තත්වය තවත් බරපතල කරමින් පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව ඔහුගේ නිවසේ සිටි වෙනස් ලෙස හැකියාවන් ඇති අවරුදු 11 දරුවෙකුද…

Read More

රැඳවි හිංසනයට එරෙහිව නැගී සිටීමේදී රැඳවියාගේ පෙර පවු වල කන්‍යාභාවය කුමක්දැයි වැදගත් නැත.

දිගන තෙල්දෙනිය ජාතිවාදි ප්‍රහාර වලට හවුල් සැකරුවකු වන අමිත් වීරසිංහ රැදවියාට  අනුරාධපුර බන්දනාගාරයේ රඳවා සිටියදී පසුගිය දිනවල බනදනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබේ. එකී පහර දීමට එරෙහිව බන්ධනාගාර අයිතිවාසිකම් සුරකීමේ කමිටුව අද දින (මැයි 30) බන්දනාගාර මූලස්තානය ඉදිරිපිට උද්ගෝශනයක නිරත විය. බන්දනාගාරය තුල පහර කෑමට හේතුව අමිත් වීරසිංහ රැඳවියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම පමා කිරීම සම්බන්දයෙන් එම රැඳවියා  නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමක් හේතුවෙනි. බන්දනාගාර තුල වෛද්‍ය සේවය ඉතා අකර්මන්‍ය වැඩවසම් ආකෘතියක පවතින බැවින් සාමාන්‍ය පොදු සිරකරුවාට අසනීප තත්වයක් වැලදුන විට දෙයියන්ගේම පිහිට බව බන්දනාගාර තතු විචාරන්නෝ දනිති. බන්දනාගාර තුල රැඳවියන්…

Read More