අනුරාධපුර බන්දනාගාරයේ දේශපාලන රැදවියන් මීට දින හයකට ඉහත ආහාර ලබා ගැනීම වර්ජනය කර තිබේ. යුද්දය අවසන් වී වසර 09 ක් ගෙවී ඇතත් තිස් අවුරුදු යුද්දයේ ගොදුරු බවට පත්වෙමින් සිරගෙවල් තුල දිය වෙන තරුණ ජීවිත ගැන අපට අසන්නට ලැබෙන්නේ අහාර වර්ජන උපවාසයන් හරහාය. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ පුනරුත්තාපනයක් හෝ පොදු සමාවක් යටතේ නිදහස් වීමට අවස්තාවක්ය. මීට පෙරද මැතිවරනයක් ආසන්න වත්ම දේශපාලන සිරකරුවා මුලා කොට උතුරේත් දකුනේත් දේශපාලනය යහමින් ඔජවඩා ගැනීම මිස සිරකරුවන්ගේ ප්‍රශ්නයට පිලිතුරු සොයන්නට සත්‍ය උවමානවක් ආන්ඩුවට හෝ දෙමල දේශපාලන නියෝජිතයන්ට නොතිබුනේය. වමේ බලවත් කන්ඩායම්ද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට අත දමන්නේ බොහොම…
Read Moreවර්ගය: පුවත්
වැලිකඩ කාන්තා රැඳවියන්ට කල පහරදීමට එරෙහිව කාන්තා සංවිධානයක් පෙරට
වැලිකඩ බන්දනාගාරයේ පසුගිය දින වල කාන්තා රැඳවියන්ට කල මේලේච්ච පහර දීමට එරෙහිව අද දින කාන්තා සංවිධානයක් වන විමුක්ති ව්‍යාපාරය ඇතුලු ප්රගතිශීලීන් වැලිකඩ බන්දනාගාරය ඉදිරිපිටට පැමිණ විරෝධය දක්වා තිබේ. එහිදී වැලිකඩ කාන්තා රැඳවියන් මුහුන දෙන දුෂ්කරතා සම්බන්දයෙන් අවධානයට ලක් නොකිරීම ඇතුලු පසු ගිය දිනවල කාන්තා රැඳවියනට කල පහර දීමට එරෙහිව බන්දනාගාර ඇමතිනිය සහ පරිපාලනය දැඩි අප්‍රසාදයට හා පිලිකුලට ලක්කරමින් උද්ගෝශකයන් විරෝධයේ නිරත විය. වැලිකඩ සිරකරු මලමීනී මතින් බලයට පැමිණි යහ පාලන ආන්ඩුව සිරකරුවන් සම්බන්දයෙන් දරන ආකල්පය මෙවැනි ම්ලේච්ච ආකාරයක් නම් සිරකරු පුනරුත්තාපනය යනු කුමක්දැයි යහපාලන රජය වහා පිලිතුරු දියයුතු බව විරෝධතා…
Read Moreඅප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය.
පසුගිය 21 වෙනි දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැදවන්නේ වැලිකඩ බන්දනාගාර පරිශ්‍රය තුල කාන්තා සිරකාරිනියන් 50 කට පමන අමානුශික ලෙස පහර දීමට එරෙහිවය. එම මාධ්‍ය සාකච්චාවේ විශේශත්වය එකී පහරදීම් ඇසින් දුටු කාන්තා රැදවියකු එදින ඇප මත නිදස්වී මාධ්‍ය සාකච්චාවේ කරුනු දැක්වීමට සහභාගි වීමය. ඇප මත මුදාහැර තිබු එම කාන්තා රැඳවියා වැලිකඩ කාන්තා සිර මැදිරි තුල ගෙවන දුෂ්කර තත්වයන් හා බන්ආදනාගාර තුල ඇති ආහාර, සනීපාරක්ශක පහසුකම්, නීති ගැටලු, ආදිය සවිස්තාරාත්මකව ඉදිරිපත් කරන ලදි. අදිකරණ හා බන්දනාගාර ඇමතිනිය සිරකරුවන්ටම ඇගිල්ල දිගුකරමින් සිරකාරිනියන්ගේ අතපය කඩා ඔලු පලා පීඩනය එල්ලකරණ මොහොතක එම…
Read Moreවැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.
වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන් විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා…
Read Moreවැලිකඩ බන්දනාගාර කාන්තා රැඳවි හිංසනයට එරෙහිව (CPRP) කමිටුව එක්සත් ජාතින් හමුවට
වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැදවියන් බනදනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම, ඇතුලු අදිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්දනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයේත් අවධානය යොමු නොකිරීම සම්බන්දයෙන් විරෝදය පලකිරීමටත්, බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිශන් කාර්යාලයට ඉහත කරුණු ඇතුලත් වාර්තාවක් භාරදීමටත් සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුව කටයුතු සූදානම් කර ඇත. පසු ගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්දනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඊට ඇතුලත්ය. කාන්තා සිරකරුවන් හිංසනයට එරෙහිව හඬ නැගීමට අගෝස්තු 14 හවස 1…
Read Moreනවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා ව්‍යාජ ඉල්ලුම්පත් කළ ලාංකීය සිසුන් ප්‍රතික්ෂේප වේ
උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුලත් ඉල්ලුම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ එක් මුල්‍ය සමාගමක් හරහා ව්‍යාජ තොරතුරු ඇතුලත් කර මෙරට සිසුන් විසින් නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වීසා ඉල්ලුම් කර ඇති බව හෙළි වී ඇත. ඉන්දියාවේ මුම්බායි හි පිහිටි නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු කිරිමේදි වැඩිදුරටත් හෙළිව තිබෙන්නේ 2018 වර්ෂයේ ජනවාරි මස සිට ශ්‍රි ලංකීක සිසුන්ගේ ඉල්ලුම්පත් 88ක් තිබි ඇති අතර ඒ අතුරින් 83ක්ම ව්‍යාජ තොරතුරු ඇතුලත් ඉල්ලුම්පත් බවයි. උසස් අධ්‍යාපනය සඳහා…
Read More‘ජනාධිපති උපදේශක’ පට්ටම මට ලැජ්ජාවක් : අතුරලියේ රතන හිමි
තමන්ගේ නමට ඉදිරියෙන් ඇති ‘ජනාධිපති උපදේශක’ තනතුර ගැන තමන් ලැජ්ජා වන බවත් ජනාධිපති උපදේශක යන නාමය තිබ්බද තමන්ගෙන් කිසිම ‘උපදේශයක්’ ලබා ගත්තේ නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රතන හිමියන් එසේ පැවැසුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ 28 වන සෙනසුරාදා දින පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වෙමින් ය. ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ නිර්මාතෘ නන්දසිරි ගමගේ යන අයගේ උපදෙස් මත මෙම සංවත්සරය සංවිධානය කර තිබුණි. කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද යන්න…
Read Moreතලවකැලේ – ලිඳුල නගරසභා සභාපතිගේ පැහැර ගැනීම් මිනිස් ජාවාරම් ස්ත්‍රී දූෂණ පොලිසිය යටගසයි ?
තලවකැලේ නගරයේදී දෙදරු මවක් ඇයගේ දරු දෙදෙනා සමඟ පැහැරගෙන ගොස් මිනිස් ජාවාරමේ යෙදීම සහ එක් සැකකරුවකු අතින් මව දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ලිඳුල- තලවකැලේ පුරපති අශෝක සේපාල,ලිඳුල නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක,ආගරපතන ප්‍රධාන පාරේ ඔරුකඳ ලිපිනයේ ජයන්ත,තලවකැලේ ලෝගි නිවාසවල පදිංචි එච්.එම්. තිලකරත්න යන අය නුවරඑළිය පොලිසිය විසින් ජුනි 03 වනදා රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත්තේය. ඒ, එම පැහැරගැනීමට ලක්වූ කාන්තාව වන ආගරපතන, ග්ලෝඩ්මෝර්වත්තේ, ග්ලන්කන් කොටසේ පදිංචි 26 හැවිරිදි ගෞරි සසිකලා නැමැත්තිය විසින් (3) දින නුවරඑළිය පොලිසියේ ළමා හා කාන්තා අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ය. 2017 ජුනි…
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවයි
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කර තිබේ. එය සිදුකර තිබෙන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මතය. අධිකරණ හා බන්ධනාගාර ප්රත්සංස්කරණ අමාත්‍යාංශය නිවෙිදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමේ තීරණයට එළඹි බවයි.
Read Moreපාකිස්ථාන නව අගමැති ලෙස ඉම්රාන් ඛන් තේරී පත්වෙයි
පාකිස්තානයේ මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ. ඉම්රාන් ඛාන් නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලයක් සමග ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන සියයට 50කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගණන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
Read More