“ගින්නෙන් උපන් සීතල“ පැසිෆික් සිනමා සම්මාන උළෙලට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරින් ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) සිනමා පටය 12වන ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබේ. මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 29වැනිදා පැවත්වීමට නියමිතය. කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.ඊට අමතරව ලාංකීය කලාකරුවන් ‍රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ. ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත…

Read More
sdsdsdsdsdsdsdsdsd

“තුන්දෙනෙක්” චිත්‍රපටය ඉදිරි කාලයේදී රට පුරා ප්‍රදර්ශනය කෙරේ

රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ප්‍රසන්න විතානගේ, අසෝක හඳගම හා විමුක්ති ජයසුන්දරගේ නවතම සිනමා නිර්මාණය වන “තුන්දෙනෙක්” චිත්‍රපටයහි විශේෂ දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්විය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින්ය. වසර ගණනාවක් තිස්සේ අපි යුද්ධයට ඔබ්බෙන් ගොස් යුද්ධයේ බලපෑම ගැනත් තවමත් පවතින විසඳුම් සොයනා ගැටලු ගැනත් චිත්‍රපටයක් කරන්න අපි කාලයක් තිස්සේ හිතා ගෙන හිටියා. ඉතින් මේ චිත්‍රපටය තුළින් සිනමා රසාස්වාදය මෙන්ම ඒ ගැඹුරු කරුණු ගැන සමාජ සංවාදයක් ඇති කිරීමත් අපේ අරමුණක් බව පැවසු අසෝක හඳගම වැඩිදුරටත් කියා සිටියේ චිත්‍රපටයහි මංගල දර්ශනය සඳහා ශුභවාදී…

Read More

දේශයක සීමාවක මනුස්ස ජීවිත කියන්නේ පාස්පෝට් කොල කැල්ලකට

වතුරට වඩා ලේ ඝණකමයි තියරියට කිව්වාට දේශයක සීමාවක මනුස්ස ජීවිත කියන්නේ පාස්පෝට් කොල කැල්ලකට සීත සෘතුවක් වූනාට මනරම් වන්නේ කොහොමද සීත සෘතුවටත් පෙරම මනුස්සකම් ගල් ගැසුනු කාලෙක උතුර දකුණු රේඛාව අතර ජීවිත අතර දාන සෙල්ලම සල්ලි මලු වලින් ගැනිය හැකිද සීතලට ගල්ගැසුව සිරැර පුවත් මවන්නටම ඕනේද ඝණවුනු හෘදයන්ට මිනිස් උණුසුමක් දැනෙන්නට සර්බියානු බෝඩරයක මෙදිතේරියානු වෙරළක ග්‍රීක පාලු දූපතක ලිබියානු සාගර පතුලක සහරා කතරක ගල් ගැසුනු අපේ පන්තියේ උන්නම් කොපමනද පන්තියම වෙරළට ගොඩගලන්නම ඕනේද හදවත් ගැහෙනවා දැනෙන්නට රෑපවාහිනි තිර මතට ප්‍රාණ නිරැද්ධ සිරැර ගොඩගලන්නම ඕනේද අපේ පන්තියේ ප්‍රාණ තවත්නම් කියයක්ම ඕනේද…

Read More
sdsdsdsdsdsdsdsdsd

කවි අවිය නොනිදයි

නොමැත මා ළඟ තුවක්කු නැතිය ගජනා කාල තුවක්කු නොවේ බෝම්බ හෝ යුධ ටැංකි වදන් පමණිය ඇත්තෙ මා සතු එහෙත් ඒවා මගේ නොව මගේ භූමියටයි ඒ අයිති මා අයත් ජනපිරිසගේ වදන්ය තුවක්කු අත දරා පිරික්සුමෙන් යුද ටැංකි තුළට වී සැරිසරණ ඒ රණවිරු බල සේනා කුමට තැති ගන්නේද මගේ කවිවලින්?? සෝදිසි විපරම් කරමින් ඉදිරිපස අසල්වාසයෙහි වීදියෙහි මගේ පා සටහන් බලමින් නොදන්නා අංකවලින් ඇමතුම් දෙමින් ප්‍රතිචාරයක් නැතිවම විසන්ධි කරමින් මහ රැයෙහි සුනඛයන් හඬ නගා බුරවමින් මද්දහන් වේලෙදි මෝටර් සයිකල් අරා ගොරබිරම් හඬ නගමින් අවුස්සා පහුරු ගා බලමින් මගේ පොත්පත් සිතුවෝය ඒ රණවිරු බල…

Read More

තම අනන්‍යතාවය ලොවට වසන් කරන “ගරිල්ලා” චිත්‍ර ශිල්පියා

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක් වන අයෙකුගේ අන්වර්ථ නාමයකි. ඔහුගේ ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම් වල ප්‍රදර්ශනය කෙරී ඇත. බැන්ක්සි ගොඩනැගුනේ 90 දශකයේ මුල් භාගයේ Bristol underground scene නම් සංගීතඥයන් සහ වීදි කලාකරුවන්ගේ දායකත්වයෙන් බිහිවූ සංස්කෘතිය හරහාය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක් වන ට්‍රිස්ටන් මැන්කෝට අනුව, 1974 බ්‍රිස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි. මස්කඩකරුවකු වීමට පුහුණුව ලැබූ ඔහු පසුව ග්‍රැෆිටි කලාවන්ට යොමු විය.…

Read More
sdsdsdsdsdsdsdsdsd

හිමිවීම, අහිමිවීම, සමාව දීම වගේම මනුෂ්‍යත්වය ගැන වූ අපූරු පාඩමක්. (The Light Between Oceans)

‘‘මුහුද, මුහුද නොවන කාලයක් තියෙනවා. ඒ නිල් පැහැය, වතුර එලෙසින්ම නොපැවතුණත් ශක්තිය වගේම භයානකත්වය පුපුරා ගිය එක් මොහොතක් උදාවෙනවා. දෙවියන්ටම පමණක් අඬ ගසන්නට හැකි රෞද්‍ර මොහොතක් එළඹෙනවා. රළ එකිනෙක මත වැටෙමින්, පොර බදිමින් මුහුද, තමන්වම වගේම දූපතත් රිදවන්නට පටන් ගන්නවා. තමන්ගේ සීමාව ගැන නොදන්න මෘගයෙක් ගොරවනවා වගේ සද්දයක් එවැනි මොහොතකදී මුහුදෙන් නැගෙන්න ගන්නවා. මේ වගේ රැයකදී ආලෝකයක් නැතුවම බැහැ‘‘  M. L. Stedman – The Light Between Oceans මුහුද අද්දර ගෙවෙන ජීවිතත් මුහුද වගේ. මේ ජීවිත වලට කොයි මොහොතකදී කුණාටුවක් එළඹේදැයි කියන්නට බැහැ. කුණාටුවකදී නොසන්සුන් වුණු ජීවිත, කුණාටුවෙන් පස්සේ නොයෙක් වියවුල්…

Read More

ගුරුතුමිය

ගුරුතුමිය. අනාත කදවුරේ සිට ලියමි, මම සරෝජා දස අතින් වෙඩි හඩ ඇසේ වෙඩි හඩට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද…. අද දවල් කදවුරට බත් පාර්සල් බෙදුවා මගේ බත්මුල එතූ පත්තර කොලයේ අනේ ගුරුතුමි ඔබ සිටියා සිනාමල් විසුරුවමින් ඒත් ඉස්කෝලයක නෙමෙයි හමුදා කදවුරක….. සෙබලුන්ට මානෙල් මල් පලදවමින් හිරිවැටුනා මගේ හිත, ඒ ඔබමද? යලිත් දෑස් පිසදා බැලුවා ඒ ඔබමයි ! ඔවු ඒ ඔබම තමයි ගුරුතුමිය ! අනේ මට ඇඩුනා! එදා මායිම් ගමේ අපේ ඉස්කෝලෙදි අපිත් එක්ක අපි වගේම යුද්දෙන් බැටකෑ යුද්දෙට සාපකල ඒ ඔබම දකුණට මාරු වී ගිය පසු මෙතරම් වෙනස් උනාද හිත මට…

Read More

නොවැම්බරයේ බෞද්ධයා

නොවැම්බරයේ බෞද්ධයා අපි අපේම කරගත් බුදුන්ගේ නෑයෝ පසළොස්වක සඳ වගේ ශාන්තිය ඇත්තෝ අසල්වැසියාට ගරු කරන්නෝ අපි සිංහල බෞද්ධයෝ කරුණාව මෛත්‍රිය ආදරය දන්නෝ ඒ බැවින්ම අනෙකාගේ අයිතියට හිස නමන්නෝ අපි බුදුන්ගේ නෑයෝ අපි බුදුන්ගේ දරුවෝ අපි බුදුන්ගේ අනුගාමිකයෝ උතුර හිමි අසල් වැසියෝ ඉතිහාසගත මිතුරෝ නුඹලාගේ මතකයන් දුක් කඳුළු වේදනා දැනෙන්නෝ ඔබ සමරමින් දල්වන පහන් අප සිත් ද පහන් කරන්නෝ අප කුමට ඒ දෙස වෙනත් ඇස් වෛරයෙන් දවන්නේ අපට මෙන් ඔබට ද ඔබට මෙන් අපටද මේ බිම සම බිමක් බව  බුදුන් පල් බුදුන්මය කියන්නේ විශ්වයට ලෝ පතල කරුණාව පාමින් උදය ආර්. තෙන්නකෝන්

Read More