හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී. මධ්‍ය කඳුකරය වෙත ලැබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට මධ්‍ය කඳුකරයේ පිහිටි ලක්ෂපාන, මාඔස්සාකැලේ, නෝටන්බ්‍රිජ්, කැනියෝන් ඇතුළු ජලාශ රැසක වාන් විවෘතව ඇති බැවින් පහළ නිම්නයේ කැලණි ගඟ දෙපස ජනතාවට ගංඟා ජල මට්ටම පිළිබඳ ව අවධානයෙන් සිටින්න යැයි එම මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ සියලු ම ප්‍රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසත් අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට මෙන් ම…

Read More
sdsdsdsdsdsdsdsdsd

වැලිකඩ බන්දනාගාර කාන්තා රැඳවි හිංසනයට එරෙහිව (CPRP) කමිටුව එක්සත් ජාතින් හමුවට

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැදවියන් බනදනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම, ඇතුලු අදිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්දනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයේත් අවධානය යොමු නොකිරීම සම්බන්දයෙන් විරෝදය පලකිරීමටත්, බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිශන් කාර්යාලයට ඉහත කරුණු ඇතුලත් වාර්තාවක් භාරදීමටත් සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුව කටයුතු සූදානම් කර ඇත. පසු ගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්දනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඊට ඇතුලත්ය. කාන්තා සිරකරුවන් හිංසනයට එරෙහිව හඬ නැගීමට අගෝස්තු 14 හවස 1…

Read More

විභාග කාලසටහනේ ගැටලු ඇත්නම් අමතන්න

2018 අ.පො.ස (අ.පෙළ) විභාගය සඳහා ඉදිරිපත්වන සියලු ම විභාග අපේක්ෂකයන් වෙත විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙහි සඳහන් වන්නේ තමන් ඉදිරිපත් වන විෂයයන් පවත්නා දිනය වරුව නිවැරදිව ඳුනාගනිමින් විභාගය සඳහා ඉදිරිපත් වන ලෙසයි. ප්‍රවේශ පත්‍රයෙහි අපෙක්ෂකයන් විසින් වෙන්කර ගතයුතු කොටසෙහි ඇති කාල සටහනට අනුව සියලුම අපෙක්ෂකයන් විභාගය සඳහා ඉදිරිපත් විය යුතු බවට එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වේ. කාලසටහනේ ගැටලු ඇත්නම් 011-2784208, 011-2784537,011-3188350,011-3084124 , 011-3140314 හෝ ක්ෂණික දුරකථන අංකය 1911 දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
sdsdsdsdsdsdsdsdsd

ජාත්‍යන්තර තරුණ දිනය අද

1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය අගෝස්තු 12 ප්‍රකාශයට පත් කර තිබේ. අදට යෙදි තිබෙන ජාත්‍යන්තර තරුණ දිනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත් වේ. මෙවර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහනේ තේමාව වී ඇත්තේ තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්නයි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ‘අකුණ’ වෙත පැවසුවේ සැමරුම් උත්සවය අවසානයේ සංගීත ප‍්‍රසංගයක් හා ආහාර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවයි.

Read More

සැප්තැම්බර් 1 දා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබේ. එහි සදහන් වන්නේ 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවත්,01 වනදා සිටම ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා…

Read More
sdsdsdsdsdsdsdsdsd

“ගින්නෙන් උපන් සීතල“ පැසිෆික් සිනමා සම්මාන උළෙලට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරින් ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) සිනමා පටය 12වන ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබේ. මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 29වැනිදා පැවත්වීමට නියමිතය. කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.ඊට අමතරව ලාංකීය කලාකරුවන් ‍රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ. ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත…

Read More

විහාරස්ථාන තොරතුරු සොයාබැලීමට නව වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන පිලිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි නව වෙබ් අඩවියක් විවෘත කර තිබේ. බුද්ධශාසන අමාත්‍යංශයේ දී අගෝස්තු 01 දින මෙම වෙබ් අඩවිය එළිදක්වා තිබෙන්නෙ බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා විසින්ය. මෙමගින් ශ්‍රී ලංකාවේ රජමහා විහාස්ථාන, පුරාන විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන සහ සිල්මාතා ආරම ඇතුළු සියලු බෞද්ධ විහාරස්ථාන වල විස්තර ලබාගත හැකිය. මෙම වෙබ් අඩවිය හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා පළාත් මට්ටමින් අදාළ විහාරස්ථානවල විස්තර හා දුරකථන නාමාවලි ලබා ගැනීමේ හැකියාව විශේෂෂත්වයකි. www.mbs.gov.lk වෙබ් අඩවියට පිවිස එහි “විහාරස්ථාන නාමාවලිය” යටතේ අද දින සිට ඕනෑම…

Read More

පෘථිවියට ළඟින්ම ගමන් කරන ‘රතු ග්‍රහයා’ බලන්න එන්න අද

රතු ග්‍රහයා හෙවත් අඟහරු ග‍්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන අතර අද 31 රාත්‍රීයේදී ශ්‍රී ලාංකිකයින්ට ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මහාචාර්යවරයා ‘අකුණ’ හා සම්බන්ධ වී වැඩිදුරටත් පැවසුවේ අඟහරු ග‍්‍රහයා හෙට දිනයේදී පෘථිවියට කිලෝ මීටර මිලියන 57.6ක් දුරින් ගමන් ගන්නා අතර මෙම විශාල දුරේක්‍ෂ මගින් මෙම ග‍්‍රහලෝක ජනතාවට දැකගැනීමට අවස්ථාව ලබාදීමේ රාත‍්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් අද රාත‍්‍රී 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන බවයි. අගෝස්තු පළමු වැනි දා පොළොන්නරුව…

Read More

ඖෂධ සහ විටමින් වර්ග නිෂ්පාදනය හා ආනයන කරන අයට අලුත් නීතියක්

ඖෂධ සහ විටමින් වර්ග නිෂ්පාදනය කරන්නන් හා ආනයනකරුවන් එම නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්ය කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ඛාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්විමේ දිනය සහ ඖෂධවල ප්‍රබලතාවය යන ආදී කරුණු ද විශේෂිතව දැක්විය යුතු බවයි. කලින් ඇසුරුම් කළ භාණ්ඩ අයිතමයන් සහ නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරිකයින් භාණ්ඩවල ඉංග්‍රිසි භාෂාවෙන් ඊට අදාළ උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ, සැපයුම්කරුගේ, ආනයනකරුගේ හෝ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය සඳහන් කළ යුතු බව එම අධිකාරිය වැඩිදුරටත් පවසන අතර මෙය ක්‍රියාත්මක නොකරන ව්‍යාපාරිකයන් හට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ විධානයන්ට අනුව නීතිමය…

Read More

“තුන්දෙනෙක්” චිත්‍රපටය ඉදිරි කාලයේදී රට පුරා ප්‍රදර්ශනය කෙරේ

රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ප්‍රසන්න විතානගේ, අසෝක හඳගම හා විමුක්ති ජයසුන්දරගේ නවතම සිනමා නිර්මාණය වන “තුන්දෙනෙක්” චිත්‍රපටයහි විශේෂ දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්විය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින්ය. වසර ගණනාවක් තිස්සේ අපි යුද්ධයට ඔබ්බෙන් ගොස් යුද්ධයේ බලපෑම ගැනත් තවමත් පවතින විසඳුම් සොයනා ගැටලු ගැනත් චිත්‍රපටයක් කරන්න අපි කාලයක් තිස්සේ හිතා ගෙන හිටියා. ඉතින් මේ චිත්‍රපටය තුළින් සිනමා රසාස්වාදය මෙන්ම ඒ ගැඹුරු කරුණු ගැන සමාජ සංවාදයක් ඇති කිරීමත් අපේ අරමුණක් බව පැවසු අසෝක හඳගම වැඩිදුරටත් කියා සිටියේ චිත්‍රපටයහි මංගල දර්ශනය සඳහා ශුභවාදී…

Read More