‘දූෂණය පරදා ජනතාවට වැටුප් වැඩිවීමක්’ ඉල්ලා රුමේනියාවේ උද්ඝෝෂණ

රුමේනියාවේ, බුචාරස්ට් අගනුවර එරට දහස් ගණනක ජනතාව විසින් උද්ඝෝෂණ ‍රැල්ලක් ක්‍රියාත්මක කර තිබෙන අතර එය තවදුරටත් ක්‍රියාත්මක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරයි. උද්ඝෝෂණයේ ගැටුම්වලින් 400කට අධික පිරිසක් තුවාල ලැබූවද, තවත් දහස් ගණනක් යළිත් පාරට බැස තිබෙන බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා ආරම්භ වු මෙම උද්ඝෝෂණයේ මුලික අරමුණ වී ඇත්තේ රට තුළ මුල්බැස ගෙන ඇති දූෂණය පරදා ජනතාවට ප්‍රමාණවත් තරම් වැටුප් වැඩිවීමක් ලබාදෙන යැයි එරට රජයෙන් ඉල්ලිමයි. මේ සදහා 50,000කට ආසන්න පිරිසක් පාරට බැස තිබුණත් රූමේනියා රජය මෙම උද්ඝෝෂණය හදුන්වා දී තිබෙන්නේ ‘රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ’ යනුවෙනි. තෙදිනක් දක්වා පැවැත්වෙන් උද්ඝෝෂණයට…

Read More
sdsdsdsdsdsdsdsdsd

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥයකුවූ මුතුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි චෙන්නායි නුවර කාවේරි රෝහල නිවේදනය කළේ. 94 වෙනි වියේ පසුවූ ඔහු පස් වරක් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙසත්,ඩී එන් කේ පක්ෂ නායක ලෙසත් කටයුතු කර තිබේ. පාසල් අධ්‍යාපනයක් නොලැබු ඔහු පසුව දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු බව්ට පත් විය. 1924 ජිනි 03 වන් දින උපන් මුතුවේල් කරුණානිධිගේ පළමු චිත්‍රපට රචනය වන්නේ ‘මන්ත්‍රීකුමාරි’ චිත්‍රපටය වන අතර 1963 දී ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට හය මසක සිරදඬුවම් ද ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ…

Read More

මරණ දඬුවම පිළිගත නොහැකි : ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මරණ දඬුවමට විරුද්ධ වන බවත් “මරණ දඬුවම පුද්ගලයකු අභිමානයට සහ ගෞරවයට එල්ල කරන ප්‍රහාරයක්’” ලෙසයි පාප්තුමා පවසා ඇත්තේ. කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අනුව මරණ දඬුවම සමහර අවස්ථා වලදී පිළිගත්ත ද පාප්තුමාගේ මෙම ප්‍රකාශයත් සමග එම ඉගැන්වීම් යාවත්කාලීන වේ. ශුද්ධෝත්තම පාප්වහන්සේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ද මරණ දඬුවම පිළිබදව අදහස් ඉදිරිපත් කර තිබෙන අතර එහිදී පවසා ඇත්තේ මරණ දඬුවම ගැන ක‍තෝලික පල්ලියේ අදහස නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවයි. ‘අපරාධ අනුව සමස්ත සමාජයට යහපතක් කිරීමේ අරමුණ…

Read More
sdsdsdsdsdsdsdsdsd

අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට ‘පුරවැසි භාවය’ අහිමිවීමේ ?

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊසානදිග ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත් වු මිලියන 4ක ජනකොටසකට පුරවැසිභාවය අවලංගු කිරීමට ඉන්දියානු රජය මෙලෙස පියවර ගෙන ඇත. 1971 වර්ෂයේ මාර්තු මස 24 දින එනම්, බංගලාදේශය ස්වාදීනත්වය ලබා ගැනිමට පෙර අසාම් ප්‍රාන්තයට පැමිණ තිබූ පුද්ගලයන්ගේ නම් පුරවැසි ජාතික ලේඛණයේ සටහන්ව ඇති බවත් එසේ නොවන පිරිසකගේ පුරවැසි භාවය මෙලෙස අහිමිවන බවයි ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් පරම්පරා ගණනාවක් අසාම් ප්‍රාන්තයේ විසු ‘තමන්ට යාමට තවත් රටක් නොමැති’ බවටයි මේ සුළු ජනකොටස චෝදනා කර…

Read More

පාකිස්ථාන නව අගමැති ලෙස ඉම්රාන් ඛන් තේරී පත්වෙයි

පාකිස්තානයේ මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ. ඉම්රාන් ඛාන් නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලයක් සමග ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන සියයට 50කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගණන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Read More