වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය. එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර…
Read Moreවර්ගය: ශ්‍රී ලංකාව
මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි : කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය | VIDEO
බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම…
Read Moreඋතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය ඇමති පොරොන්දු වෙයි
උතුරේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා බිලියන ගණනාවක මුදලක් වාර්ෂිකව වැය කරන බවත්,දේශපාලනඥයන් වශයෙන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදී උතුරු පළාතේ ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 530 ක ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහල් භුමියේ ඉදිකරන පුනරුත්ථාපන රෝහල සදහා මුල්ගල තැබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම උත්සව අවස්ථාවන්ට 16වනදා එක්වෙමින් ය. “යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුරප්පාඩු 73 ක් ඇති බව මට දැන් දැනුම් දුන්නා. කඩිනමින්…
Read Moreමරණීය දණ්ඩනය ‘මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක්’ : කතෝලික රදගුරු සංසඳය
මරණීය දණ්ඩනය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත්,එය ලොව පුරා අහෝසි කිරීමට අවධාරණයෙන් යුතුව කටයුතු කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසඳය පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසඳය පවසන්නේ කතෝලික සභාවේ වර්තමාන ස්ථාවරය සහ ඉගැන්වීම වන්නේ සුභාරංචිය මත පිහිටා සිටිමින්, මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා හෝ පිළිගත නොහැකි බවයි. ඕනෑම දරුණු අපරාධයක් සිදු කිරීම මත වුවද වරදකරුවා තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව එම සංසඳය පවසන අතර පුරවැසියන්ට නිසි ආරාක්ෂාව ලබා දීමට ඇති අවශ්‍යතාවයද වර්ධනය වී ඇති අතර ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කරගනිමින්…
Read More‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…
Read More‘වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ විරෝධතාවට’ තලතා අතුකෝරළගෙන් පිළිතුරක්
කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටින බවට වාර්තා වේ. අද (13) උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැදවියන් 25 දෙනෙකු වහලය මත නැග මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බවයි ‘අකුණ’ වාර්තාකරු පවසන්නේ. තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් විරෝධතාවයේ නිරතව සිටියි. එහෙත්,අද (13) පෙරවරුවේ නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ පැවසුවේ කුමන විරෝධතාවයක් දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බවයි. “වහලය උඩ නොවෙයි කොහේ…
Read Moreඉන්දීය රජයේ අනුග්‍රහයෙන් වතු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ වේ
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පුණ්ඩළුඔය, ඩන්සිනන් තේ වතුයායේ ඉදිකරන ලද වතු නිවාස සංකීර්ණය අගෝස්තු 12 දා අගමැති රනිල් වික්‍රමසිංහ හා ඉන්දියානු මහ කොමසාරිස් රංජිත් සිං සහ අමාත්‍ය පලනි දිගම්බරන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරා දී තිබේ. මේ සදහා ඉන්දියානු රජයේ රුපියල් මිලියන 383.5 ක ආධාර හා කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 89.5 ක වියදම් කර ඇති අතර මෙම නිවාස සංකීර්ණයේ නිවාස 404 කින් සමන්විත වේ. ‘මහත්මා ගාන්ධිපුරම්’ ගම්මානය ලෙස හදුන්වා දී ඇති මෙම නිවාස සංකිර්ණයෙහි එක් නිවසක් සදහා ජලය, විදුලිය සහිත පර්චස් 07…
Read Moreමන්නාරම සමූහ මිනීවල ගැන වාර්තා කරන්න නම් පොලිස් අවසර අවශ්‍යයි
මන්නාරමේ සතොස සමූහ මිනීවලේ කැනීම් වාර්තාකළ මාධ්‍යවේදීන්ට ඒ සඳහා මෙතැන් පටන් පොලිසියේ අවසරය ලබාගැනීමට සිදුවී තිබෙන බවට වාර්තා වේ. මන්නාරම සමූහ මිනීවලේ යම් ඡයාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් ලබාගැනීමට අවශ්‍ය නම් විදේශීය සහ දේශීය මාධ්‍ය ආයතන අධිකරණය මගින් අවසර ලබාගත යුතු බවත්, ආරක්ෂාව භාර පොලිස් නිලධාරියාගේ නිල අවසරයක් ලබාගත යුතු බව මන්නාරම අධිකරණය නියෝග කර තිබේ. මන්නාරම සතොස සමූහ මිනීවලේ කටයුතු වාර්තාකරණය සම්බන්ධයෙන් උසාවිය අගෝස්තු 7 වනදා ද නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ,පනස් දිනක් තිස්සේ කැනීම් සිදු කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඒවා අධිකරණයට…
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ‘මරණ දඬුවම’ දීමට ජනපති නැවත තීන්දු කරයි
‘රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන්’ සිරගතව සිටියදීත් බරපතළ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවන අයට මරණීය දණ්ඩනය ලබාදීදීම ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන පවසයි. විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක දී පවසා තිබුණද එය නැවතත් සපථ කිරීමේ අභිප්‍රායෙන් නැවත වරක් එය දැඩිව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් ඛෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින්ය. මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යානූකූල වාර්තා ලබන සතියේ තමන්ට ලැබෙන බවට ජනාධිපතිවරයා විශ්වාසය පල…
Read More‘ඉදිරියේ දී බදු බර අඩු කිරීමේ රජයේ ප්රතිපත්තියයි’ ඇමති මංගල
අලුත් ආදායම් බදු පනතේ සංශෝධන කීපයක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ක්රමාණුකූලව ඉදිරියේ දී බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත් කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත 9 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ විවාදය අරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අඳහස් දැක්වීය. “මේ සංශෝධනය තුළින් වෛද්‍ය සේවයේ, වෛද්‍ය ආයතන, සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් ඉවත් කර තිබෙනවා. සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත්…
Read More