කාලයකින් නොපීරූ කොණ්ඩය ගොමස්කඩව වැරහැලී සාරිය පිංතූරය දෑතින් ඔසවා උඹව සෙවු කාලය ගෙවී නොයයි තවම මගේ ආත්මය අම්මා නෙත වැගිරෙන කඳුළු රැල්ල ගෙන දෙයිද ඔහුනට සැනසිල්ල සිත තුළම ගසයි පුතූ සොයන කැරැල්ල කඳුළු වලට බිය වී වට කරයි ආරක්ෂක වළල්ල පාරවයි යළි යළි උඹ ගැන මතක පහුරු ඉකි ගස ගසා හඬ විලාප දෙයි අම්මාවරු පුතූ ගැන නොකියමින් මුන් ගසයි හදවත් පතුරු ‘පුතේ උඹ කොහේද?’ අසයි ළය මඩල ශෝකයෙන් පිරුණු | ලහිරු මධුසංඛ ලියනආරච්චි
Read Moreවර්ගය: කවි පිටුව
වඳිමි නැවතත්
වැඳ වැටෙමි ගනඳුරු රැයෙහි, ඔබ දෙවියෙකු නිසා නොව මිනිසුන් ගැන සිතන්නේ යැයි හිතෙන නිසා වැඳ වැටෙමි වරක් නොව බොහෝ ඔබත් තව කෙනෙකු යැයි සිතා වරදවා වටහාගත් ඔබ දෙවියෙකු විය සැබැවින්ම දෙවියෙකු ද යක්ෂයෙකු ද ? මිනිසා වැඳ වැටෙති මේ දෙකට වැඳ වැටුණේ ඔබෙන් මට, මගෙන් ඔබට ලාභයක් පාඩුවක් පිණිස නො ව අපෙන් ලෝකෙට අපි හිතන්නේ යැයි අනෙකා හිතන තාරුකා එලියක් අඳුරට අල්ලන්න වඳිමි නැවතත් මිනිසෙකුට!! | උදය ආර් තෙන්නකෝන්
Read Moreදේශයක සීමාවක මනුස්ස ජීවිත කියන්නේ පාස්පෝට් කොල කැල්ලකට
වතුරට වඩා ලේ ඝණකමයි තියරියට කිව්වාට දේශයක සීමාවක මනුස්ස ජීවිත කියන්නේ පාස්පෝට් කොල කැල්ලකට සීත සෘතුවක් වූනාට මනරම් වන්නේ කොහොමද සීත සෘතුවටත් පෙරම මනුස්සකම් ගල් ගැසුනු කාලෙක උතුර දකුණු රේඛාව අතර ජීවිත අතර දාන සෙල්ලම සල්ලි මලු වලින් ගැනිය හැකිද සීතලට ගල්ගැසුව සිරැර පුවත් මවන්නටම ඕනේද ඝණවුනු හෘදයන්ට මිනිස් උණුසුමක් දැනෙන්නට සර්බියානු බෝඩරයක මෙදිතේරියානු වෙරළක ග්රීක පාලු දූපතක ලිබියානු සාගර පතුලක සහරා කතරක ගල් ගැසුනු අපේ පන්තියේ උන්නම් කොපමනද පන්තියම වෙරළට ගොඩගලන්නම ඕනේද හදවත් ගැහෙනවා දැනෙන්නට රෑපවාහිනි තිර මතට ප්රාණ නිරැද්ධ සිරැර ගොඩගලන්නම ඕනේද අපේ පන්තියේ ප්රාණ තවත්නම් කියයක්ම ඕනේද…
Read Moreකවි අවිය නොනිදයි
නොමැත මා ළඟ තුවක්කු නැතිය ගජනා කාල තුවක්කු නොවේ බෝම්බ හෝ යුධ ටැංකි වදන් පමණිය ඇත්තෙ මා සතු එහෙත් ඒවා මගේ නොව මගේ භූමියටයි ඒ අයිති මා අයත් ජනපිරිසගේ වදන්ය තුවක්කු අත දරා පිරික්සුමෙන් යුද ටැංකි තුළට වී සැරිසරණ ඒ රණවිරු බල සේනා කුමට තැති ගන්නේද මගේ කවිවලින්?? සෝදිසි විපරම් කරමින් ඉදිරිපස අසල්වාසයෙහි වීදියෙහි මගේ පා සටහන් බලමින් නොදන්නා අංකවලින් ඇමතුම් දෙමින් ප්රතිචාරයක් නැතිවම විසන්ධි කරමින් මහ රැයෙහි සුනඛයන් හඬ නගා බුරවමින් මද්දහන් වේලෙදි මෝටර් සයිකල් අරා ගොරබිරම් හඬ නගමින් අවුස්සා පහුරු ගා බලමින් මගේ පොත්පත් සිතුවෝය ඒ රණවිරු බල…
Read Moreගුරුතුමිය
ගුරුතුමිය. අනාත කදවුරේ සිට ලියමි, මම සරෝජා දස අතින් වෙඩි හඩ ඇසේ වෙඩි හඩට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද…. අද දවල් කදවුරට බත් පාර්සල් බෙදුවා මගේ බත්මුල එතූ පත්තර කොලයේ අනේ ගුරුතුමි ඔබ සිටියා සිනාමල් විසුරුවමින් ඒත් ඉස්කෝලයක නෙමෙයි හමුදා කදවුරක….. සෙබලුන්ට මානෙල් මල් පලදවමින් හිරිවැටුනා මගේ හිත, ඒ ඔබමද? යලිත් දෑස් පිසදා බැලුවා ඒ ඔබමයි ! ඔවු ඒ ඔබම තමයි ගුරුතුමිය ! අනේ මට ඇඩුනා! එදා මායිම් ගමේ අපේ ඉස්කෝලෙදි අපිත් එක්ක අපි වගේම යුද්දෙන් බැටකෑ යුද්දෙට සාපකල ඒ ඔබම දකුණට මාරු වී ගිය පසු මෙතරම් වෙනස් උනාද හිත මට…
Read Moreනොවැම්බරයේ බෞද්ධයා
නොවැම්බරයේ බෞද්ධයා අපි අපේම කරගත් බුදුන්ගේ නෑයෝ පසළොස්වක සඳ වගේ ශාන්තිය ඇත්තෝ අසල්වැසියාට ගරු කරන්නෝ අපි සිංහල බෞද්ධයෝ කරුණාව මෛත්රිය ආදරය දන්නෝ ඒ බැවින්ම අනෙකාගේ අයිතියට හිස නමන්නෝ අපි බුදුන්ගේ නෑයෝ අපි බුදුන්ගේ දරුවෝ අපි බුදුන්ගේ අනුගාමිකයෝ උතුර හිමි අසල් වැසියෝ ඉතිහාසගත මිතුරෝ නුඹලාගේ මතකයන් දුක් කඳුළු වේදනා දැනෙන්නෝ ඔබ සමරමින් දල්වන පහන් අප සිත් ද පහන් කරන්නෝ අප කුමට ඒ දෙස වෙනත් ඇස් වෛරයෙන් දවන්නේ අපට මෙන් ඔබට ද ඔබට මෙන් අපටද මේ බිම සම බිමක් බව බුදුන් පල් බුදුන්මය කියන්නේ විශ්වයට ලෝ පතල කරුණාව පාමින් උදය ආර්. තෙන්නකෝන්
Read Moreරැඳවි බිරිදකගේ කවිය
රැඳවි බිරිදකගේ කවිය
Read More