‘සමාජ ක්‍රියාකාරිනියක’ කියන වචනෙට මං ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැ : අරුන්දතී රෝයි

සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness  නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම්  සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ?  මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම  මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට  සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක්…

Read More
sdsdsdsdsdsdsdsdsd

‘වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක්’ : හරුකි මුරකාමි

1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක්  (Sarin)  මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා වී සිටි ෂොකෝ හට පසුගිය ජුලි 6 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර සෙසු සාමාජිකයින් 6 දෙනා එල්ලා මරාදමා ඇත්තේ පසුගිය සතියේදී ය. ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත…

Read More

තම අනන්‍යතාවය ලොවට වසන් කරන “ගරිල්ලා” චිත්‍ර ශිල්පියා

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක් වන අයෙකුගේ අන්වර්ථ නාමයකි. ඔහුගේ ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම් වල ප්‍රදර්ශනය කෙරී ඇත. බැන්ක්සි ගොඩනැගුනේ 90 දශකයේ මුල් භාගයේ Bristol underground scene නම් සංගීතඥයන් සහ වීදි කලාකරුවන්ගේ දායකත්වයෙන් බිහිවූ සංස්කෘතිය හරහාය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක් වන ට්‍රිස්ටන් මැන්කෝට අනුව, 1974 බ්‍රිස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි. මස්කඩකරුවකු වීමට පුහුණුව ලැබූ ඔහු පසුව ග්‍රැෆිටි කලාවන්ට යොමු විය.…

Read More
sdsdsdsdsdsdsdsdsd

හිමිවීම, අහිමිවීම, සමාව දීම වගේම මනුෂ්‍යත්වය ගැන වූ අපූරු පාඩමක්. (The Light Between Oceans)

‘‘මුහුද, මුහුද නොවන කාලයක් තියෙනවා. ඒ නිල් පැහැය, වතුර එලෙසින්ම නොපැවතුණත් ශක්තිය වගේම භයානකත්වය පුපුරා ගිය එක් මොහොතක් උදාවෙනවා. දෙවියන්ටම පමණක් අඬ ගසන්නට හැකි රෞද්‍ර මොහොතක් එළඹෙනවා. රළ එකිනෙක මත වැටෙමින්, පොර බදිමින් මුහුද, තමන්වම වගේම දූපතත් රිදවන්නට පටන් ගන්නවා. තමන්ගේ සීමාව ගැන නොදන්න මෘගයෙක් ගොරවනවා වගේ සද්දයක් එවැනි මොහොතකදී මුහුදෙන් නැගෙන්න ගන්නවා. මේ වගේ රැයකදී ආලෝකයක් නැතුවම බැහැ‘‘  M. L. Stedman – The Light Between Oceans මුහුද අද්දර ගෙවෙන ජීවිතත් මුහුද වගේ. මේ ජීවිත වලට කොයි මොහොතකදී කුණාටුවක් එළඹේදැයි කියන්නට බැහැ. කුණාටුවකදී නොසන්සුන් වුණු ජීවිත, කුණාටුවෙන් පස්සේ නොයෙක් වියවුල්…

Read More