ජිනීවා මානව හිමිකම් කවුන්සිල ‘මුවා‘ වෙනුවට එන්.ජී.ඕ. ‘මුව හමට‘ තඩි බෑම

ජිනීවා කථාවෙන් පසු දැන් එළැඹ ඇත්තේ පාස්කු සමයයි. කෙටියෙන් කියනවා නම් රජාපක්ෂවරුන් විසින් 2019 ජනාධිපතිවරණයේ දී මෙන්ම 2020 මහ මැතිවරණයේ දී ද තම දේශපාලන ජයග්‍රහණය සඳහා ඉතා ඉහළින්ම භාවිතා කළ තේමාවන් දෙකක් පිළිබඳ යළි සාකච්ඡාවකි. ඒ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම සහ ඉස්ලාම් මූලධර්මවාදයට යහපාලන රජය යටවීම යන මාතෘකා දෙකය. පාස්කු ප්‍රහාරයේ දෙවැනි සැමරුමට රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ මාධ්‍යවලින්ද විශාල අවකාශයක් සළසා ඇති අතර දැන හෝ නොදැන කාදිනල්තුමා ඇතුළු පිරිසක්ද රජය පාස්කු ප්‍රහාරය ගැන කථා කරන සෑම අවස්ථාවකම ඊට ඌණ පූර්ණ සපයමින් සිටී. ජිනීවා නුවර දී අවසන් වූ සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ…

Read More

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් – ජයනාත් කොළඹගේ.

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය තහනම් කිරීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයා සඳහන් කළේ ය. බුර්කාව සහ නිකාබය ශ්‍රී ලංකාව තුළ පැළඳීම තහනම් කිරීම සඳහා වන යෝජනාවක් සාකච්ඡා මට්ටමේ පවතින බව ද ඔහු වැඩි දුරටත් පැවැසීය. පාස්කු දින ප්‍රහාර ය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව ජාතික ආරක්ෂක හේතූ මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව ලබා ගැනීම මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පදනම් වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේ බුර්කාව සහ නිකාබය තහනම් කිරීම…

Read More