මරණීය දණ්ඩනය ‘මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක්’ : කතෝලික රදගුරු සංසඳය

මරණීය දණ්ඩනය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත්,එය ලොව පුරා අහෝසි කිරීමට අවධාරණයෙන් යුතුව කටයුතු කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසඳය පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසඳය පවසන්නේ කතෝලික සභාවේ වර්තමාන ස්ථාවරය සහ ඉගැන්වීම වන්නේ සුභාරංචිය මත පිහිටා සිටිමින්, මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා හෝ පිළිගත නොහැකි බවයි. ඕනෑම දරුණු අපරාධයක් සිදු කිරීම මත වුවද වරදකරුවා තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව එම සංසඳය පවසන අතර පුරවැසියන්ට නිසි ආරාක්ෂාව ලබා දීමට ඇති අවශ්‍යතාවයද වර්ධනය වී ඇති අතර ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කරගනිමින්…

Read More

‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…

Read More

වැලිකඩ බන්දනාගාර කාන්තා රැඳවි හිංසනයට එරෙහිව (CPRP) කමිටුව එක්සත් ජාතින් හමුවට

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැදවියන් බනදනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම, ඇතුලු අදිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්දනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයේත් අවධානය යොමු නොකිරීම සම්බන්දයෙන් විරෝදය පලකිරීමටත්, බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිශන් කාර්යාලයට ඉහත කරුණු ඇතුලත් වාර්තාවක් භාරදීමටත් සිරකරු අයිතිවාසිකම් සිරැකීමේ කමිටුව කටයුතු සූදානම් කර ඇත. පසු ගිය සමය තුල අත් අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම හා සමස්ත බන්දනාගාර තුල සිරකරුවන්ට අමානුශික ලෙස අඩංතේට්ටම් කිරීම්ද ඊට ඇතුලත්ය. කාන්තා සිරකරුවන් හිංසනයට එරෙහිව හඬ නැගීමට අගෝස්තු 14 හවස 1…

Read More

‘වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ විරෝධතාවට’ තලතා අතුකෝරළගෙන් පිළිතුරක්

කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටින බවට වාර්තා වේ. අද (13) උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැදවියන් 25 දෙනෙකු වහලය මත නැග මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බවයි ‘අකුණ’ වාර්තාකරු පවසන්නේ. තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් විරෝධතාවයේ නිරතව සිටියි. එහෙත්,අද (13) පෙරවරුවේ නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ පැවසුවේ කුමන විරෝධතාවයක් දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බවයි. “වහලය උඩ නොවෙයි කොහේ…

Read More

පුතේ උඹ කොහේද…?

කාලයකින් නොපීරූ කොණ්ඩය ගොමස්කඩව වැරහැලී සාරිය පිංතූරය දෑතින් ඔසවා උඹව සෙවු කාලය ගෙවී නොයයි තවම මගේ ආත්මය අම්මා නෙත වැගිරෙන කඳුළු ‍රැල්ල ගෙන දෙයිද ඔහුනට සැනසිල්ල සිත තුළම ගසයි පුතූ සොයන කැ‍රැල්ල කඳුළු වලට බිය වී වට කරයි ආරක්ෂක වළල්ල පාරවයි යළි යළි උඹ ගැන මතක පහුරු ඉකි ගස ගසා හඬ විලාප දෙයි අම්මාවරු පුතූ ගැන නොකියමින් මුන් ගසයි හදවත් පතුරු ‘පුතේ උඹ කොහේද?’ අසයි ළය මඩල ශෝකයෙන් පිරුණු   | ලහිරු මධුසංඛ ලියනආරච්චි

Read More

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් වතු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ වේ

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පුණ්ඩළුඔය, ඩන්සිනන් තේ වතුයායේ ඉදිකරන ලද වතු නිවාස සංකීර්ණය අගෝස්තු 12 දා අගමැති රනිල් වික්‍රමසිංහ හා ඉන්දියානු මහ කොමසාරිස් රංජිත් සිං සහ අමාත්‍ය පලනි දිගම්බරන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරා දී තිබේ. මේ සදහා ඉන්දියානු රජයේ රුපියල් මිලියන 383.5 ක ආධාර හා කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 89.5 ක වියදම් කර ඇති අතර මෙම නිවාස සංකීර්ණයේ නිවාස 404 කින් සමන්විත වේ. ‘මහත්මා ගාන්ධිපුරම්’ ගම්මානය ලෙස හදුන්වා දී ඇති මෙම නිවාස සංකිර්ණයෙහි එක් නිවසක් සදහා ජලය, විදුලිය සහිත පර්චස් 07…

Read More

විභාග කාලසටහනේ ගැටලු ඇත්නම් අමතන්න

2018 අ.පො.ස (අ.පෙළ) විභාගය සඳහා ඉදිරිපත්වන සියලු ම විභාග අපේක්ෂකයන් වෙත විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙහි සඳහන් වන්නේ තමන් ඉදිරිපත් වන විෂයයන් පවත්නා දිනය වරුව නිවැරදිව ඳුනාගනිමින් විභාගය සඳහා ඉදිරිපත් වන ලෙසයි. ප්‍රවේශ පත්‍රයෙහි අපෙක්ෂකයන් විසින් වෙන්කර ගතයුතු කොටසෙහි ඇති කාල සටහනට අනුව සියලුම අපෙක්ෂකයන් විභාගය සඳහා ඉදිරිපත් විය යුතු බවට එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වේ. කාලසටහනේ ගැටලු ඇත්නම් 011-2784208, 011-2784537,011-3188350,011-3084124 , 011-3140314 හෝ ක්ෂණික දුරකථන අංකය 1911 දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මන්නාරම සමූහ මිනීවල ගැන වාර්තා කරන්න නම් පොලිස් අවසර අවශ්‍යයි

මන්නාරමේ සතොස සමූහ මිනීවලේ කැනීම් වාර්තාකළ මාධ්‍යවේදීන්ට ඒ සඳහා මෙතැන් පටන් පොලිසියේ අවසරය ලබාගැනීමට සිදුවී තිබෙන බවට වාර්තා වේ. මන්නාරම සමූහ මිනීවලේ යම් ඡයාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් ලබාගැනීමට අවශ්‍ය නම් විදේශීය සහ දේශීය මාධ්‍ය ආයතන අධිකරණය මගින් අවසර ලබාගත යුතු බවත්, ආරක්ෂාව භාර පොලිස් නිලධාරියාගේ නිල අවසරයක් ලබාගත යුතු බව මන්නාරම අධිකරණය නියෝග කර තිබේ. මන්නාරම සතොස සමූහ මිනීවලේ කටයුතු වාර්තාකරණය සම්බන්ධයෙන් උසාවිය අගෝස්තු 7 වනදා ද නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ,පනස් දිනක් තිස්සේ කැනීම් සිදු කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඒවා අධිකරණයට…

Read More

ජාත්‍යන්තර තරුණ දිනය අද

1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය අගෝස්තු 12 ප්‍රකාශයට පත් කර තිබේ. අදට යෙදි තිබෙන ජාත්‍යන්තර තරුණ දිනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත් වේ. මෙවර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහනේ තේමාව වී ඇත්තේ තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්නයි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ‘අකුණ’ වෙත පැවසුවේ සැමරුම් උත්සවය අවසානයේ සංගීත ප‍්‍රසංගයක් හා ආහාර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවයි.

Read More

‘දූෂණය පරදා ජනතාවට වැටුප් වැඩිවීමක්’ ඉල්ලා රුමේනියාවේ උද්ඝෝෂණ

රුමේනියාවේ, බුචාරස්ට් අගනුවර එරට දහස් ගණනක ජනතාව විසින් උද්ඝෝෂණ ‍රැල්ලක් ක්‍රියාත්මක කර තිබෙන අතර එය තවදුරටත් ක්‍රියාත්මක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරයි. උද්ඝෝෂණයේ ගැටුම්වලින් 400කට අධික පිරිසක් තුවාල ලැබූවද, තවත් දහස් ගණනක් යළිත් පාරට බැස තිබෙන බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා ආරම්භ වු මෙම උද්ඝෝෂණයේ මුලික අරමුණ වී ඇත්තේ රට තුළ මුල්බැස ගෙන ඇති දූෂණය පරදා ජනතාවට ප්‍රමාණවත් තරම් වැටුප් වැඩිවීමක් ලබාදෙන යැයි එරට රජයෙන් ඉල්ලිමයි. මේ සදහා 50,000කට ආසන්න පිරිසක් පාරට බැස තිබුණත් රූමේනියා රජය මෙම උද්ඝෝෂණය හදුන්වා දී තිබෙන්නේ ‘රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ’ යනුවෙනි. තෙදිනක් දක්වා පැවැත්වෙන් උද්ඝෝෂණයට…

Read More