සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති බොරැල්ල පොලිසියට කැඳවයි

මැගසින් බන්ධනාගාරයට ගිනි අවියක් ගෙන යාම සම්බන්ධයෙන් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2020-01-02 වන දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බොරැල්ල පොලිසියට කැඳවා තිබුනු අතර, එකී සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට නැති බව සඳහන් කරමින් එහිදී ඔහු ප්‍රකාශයක් ලබා දී ඇත. (ඨක‍ෂඊ 273රැ14). ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු අඩපණ කිරීම මෙයට හේතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

Read More

බන්ධනාගාර ආඥා පනතෙන් හෙළුව වසා ගැනීම

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පුද්ගලික රෝහලකින් (ලංකා පුද්ගලික රෝහල) ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් පරල වී ඇති ගම්මන්පිලලා එතනින් නොනැවති කියා සිටින්නේ, බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කර ඇති බවයි. ඔහුට අනුව රාජිත සේනාරත්න රිමාන්ඩ් භාරයේ සිටියදී පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කිරීමකි. නමුත් රිමාන්ඩ් කරන ලද තැනැත්තෙක් පුද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම තහනම් කෙරෙන හෝ නීති විරෝධි බවට ප්‍රකාශ කෙරෙන කිසිදු ප්‍රතිපාදනයක් බන්ධනාගාර ආඥා පනතේ නැත. එසේ තිඛෙන්නේ නම්, පෙන්වන ලෙසට මෙකී ගම්මන්පිලට අප අභියෝග කර සිටින අතර, ඔහුගේ උවමනාව වන්නේ වර්තමාන බන්ධනාගාර කොමසාරිස්…

Read More

දේශපාලන රැඳවියන් දින 06 ක් මාරාන්තික උපවාසයේ , යහපාලනය නිහඬයි,

අනුරාධපුර බන්දනාගාරයේ දේශපාලන රැදවියන් මීට දින හයකට ඉහත ආහාර ලබා ගැනීම වර්ජනය කර තිබේ. යුද්දය අවසන් වී වසර 09 ක් ගෙවී ඇතත් තිස් අවුරුදු යුද්දයේ ගොදුරු බවට පත්වෙමින් සිරගෙවල් තුල දිය වෙන තරුණ ජීවිත ගැන අපට අසන්නට ලැබෙන්නේ අහාර  වර්ජන උපවාසයන් හරහාය. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ පුනරුත්තාපනයක් හෝ පොදු සමාවක් යටතේ නිදහස් වීමට අවස්තාවක්ය. මීට පෙරද මැතිවරනයක් ආසන්න වත්ම  දේශපාලන සිරකරුවා මුලා කොට උතුරේත් දකුනේත් දේශපාලනය යහමින් ඔජවඩා ගැනීම මිස සිරකරුවන්ගේ ප්‍රශ්නයට පිලිතුරු සොයන්නට සත්‍ය උවමානවක් ආන්ඩුවට හෝ දෙමල දේශපාලන නියෝජිතයන්ට නොතිබුනේය. වමේ බලවත් කන්ඩායම්ද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට අත දමන්නේ බොහොම…

Read More

වැලිකඩ කාන්තා රැඳවියන්ට කල පහරදීමට එරෙහිව කාන්තා සංවිධානයක් පෙරට

වැලිකඩ බන්දනාගාරයේ පසුගිය දින වල කාන්තා රැඳවියන්ට කල මේලේච්ච පහර දීමට එරෙහිව අද දින කාන්තා සංවිධානයක් වන විමුක්ති ව්‍යාපාරය ඇතුලු ප්‍රගතිශීලීන් වැලිකඩ බන්දනාගාරය ඉදිරිපිටට පැමිණ විරෝධය දක්වා තිබේ. එහිදී වැලිකඩ කාන්තා රැඳවියන් මුහුන දෙන දුෂ්කරතා සම්බන්දයෙන් අවධානයට ලක් නොකිරීම ඇතුලු  පසු ගිය දිනවල කාන්තා රැඳවියනට කල පහර දීමට එරෙහිව බන්දනාගාර ඇමතිනිය සහ පරිපාලනය දැඩි අප්‍රසාදයට හා පිලිකුලට ලක්කරමින් උද්ගෝශකයන් විරෝධයේ නිරත විය. වැලිකඩ සිරකරු මලමීනී මතින් බලයට පැමිණි යහ පාලන ආන්ඩුව සිරකරුවන් සම්බන්දයෙන්  දරන ආකල්පය මෙවැනි ම්ලේච්ච ආකාරයක් නම් සිරකරු පුනරුත්තාපනය යනු කුමක්දැයි යහපාලන රජය වහා පිලිතුරු දියයුතු බව විරෝධතා…

Read More

‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා රැඳවියක් මරුට : CPRP කමිටුවෙන් පොලිසියට පැමිණිලි

වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය. එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර…

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි : කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය | VIDEO

බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම…

Read More

අප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය.

පසුගිය 21 වෙනි දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැදවන්නේ වැලිකඩ බන්දනාගාර පරිශ්‍රය තුල කාන්තා සිරකාරිනියන් 50 කට පමන අමානුශික ලෙස පහර දීමට එරෙහිවය. එම මාධ්‍ය සාකච්චාවේ විශේශත්වය එකී පහරදීම් ඇසින් දුටු කාන්තා රැදවියකු එදින ඇප මත නිදස්වී මාධ්‍ය සාකච්චාවේ කරුනු දැක්වීමට සහභාගි වීමය. ඇප මත මුදාහැර තිබු එම කාන්තා රැඳවියා වැලිකඩ කාන්තා සිර මැදිරි තුල ගෙවන දුෂ්කර තත්වයන් හා බන්ආදනාගාර තුල ඇති ආහාර, සනීපාරක්ශක පහසුකම්, නීති ගැටලු, ආදිය සවිස්තාරාත්මකව ඉදිරිපත් කරන ලදි. අදිකරණ හා බන්දනාගාර ඇමතිනිය සිරකරුවන්ටම ඇගිල්ල දිගුකරමින් සිරකාරිනියන්ගේ  අතපය කඩා ඔලු පලා  පීඩනය එල්ලකරණ මොහොතක එම…

Read More

වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන්  විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා…

Read More

උතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය ඇමති පොරොන්දු වෙයි

උතුරේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා බිලියන ගණනාවක මුදලක් වාර්ෂිකව වැය කරන බවත්,දේශපාලනඥයන් වශයෙන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදී උතුරු පළාතේ ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 530 ක ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහල් භුමියේ ඉදිකරන පුනරුත්ථාපන රෝහල සදහා මුල්ගල තැබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම උත්සව අවස්ථාවන්ට 16වනදා එක්වෙමින් ය. “යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුරප්පාඩු 73 ක් ඇති බව මට දැන් දැනුම් දුන්නා. කඩිනමින්…

Read More

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී. මධ්‍ය කඳුකරය වෙත ලැබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට මධ්‍ය කඳුකරයේ පිහිටි ලක්ෂපාන, මාඔස්සාකැලේ, නෝටන්බ්‍රිජ්, කැනියෝන් ඇතුළු ජලාශ රැසක වාන් විවෘතව ඇති බැවින් පහළ නිම්නයේ කැලණි ගඟ දෙපස ජනතාවට ගංඟා ජල මට්ටම පිළිබඳ ව අවධානයෙන් සිටින්න යැයි එම මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ සියලු ම ප්‍රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසත් අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට මෙන් ම…

Read More